Thursday, July 21, 2016

දේ සී මී රෝලින්



බස් ගැමුණු ස්ට්‍රයික් කරපු දවසට, කෝච්චි ඩ්‍රයිවර්ලා බීලා ගුටිකාපු දවසට, ධීවරයෝ මලපැනලා බෝට්ටු රේල් පාරට ගෙනාපු දවසට, සහ මේ වගේ තවත් කාලකන්නි දවස් වලට ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙකුට සාමාන්‍යයෙන් කියවෙන වාක්‍යයක් තියනවා.

"මරුටියක් වත් තිබුණනං...!"

කවුරුහරි යාන්තමට ඔලුව උස්සගෙන එනවා වගේ පෙනුණාම, සතියකට පාරක් දෙපාරක් ෆ්‍රයිඩ් රයිස් කනවා දැක්කාම, ගෙදරට හාමුදුරුවෝ වඩම්මලා දානයක් එහෙම දුන්නාම ඒ මනුස්සයාගේ හිතවත්තු සාමාන්‍යයෙන් කියන වාක්‍යයක් තියනවා.

"දැන් ඉතින් මරුටියක් වත් ගත්තනං හොඳයි..."

ක්ලැසික් කාර් එකක් අරගෙන ෆුල් ආතල් එකේ දුවන්න කියලා හිතාගෙන ඉඳලා, එක පාරට මග නැවතිලා එතන ඉඳන් බාසුන්නැහැ අරක ගේන්න මේක ගේන්න කියනකොට, පංචිකාවත්තේ එවුන් වැට් වැඩියි කියලා, බඩු අඩුයි කියලා, මූණ සුදුයි කියලා ගණන් උස්සනකොට,  ශරීරාංග විකුණලා බඩු ගෙනල්ලත් ලෙඩේ හරියන්නේ නැතිකොට,  බොහෝ දෙනෙකුට නිකම්ම කියවෙන වාක්‍යයක් තියනවා.

"මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං ඉවරයි..."

මේ විදිහට බැලුවාම මරුටිය කියන්නේ නිකං මධ්‍යම පන්තියට කුණු කරෝල වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. අපේ රටේ මරුටියට එළ වන්ඩිය කියන්න කවුරුවත් නෑ. ඒ වුණාට මරුටියක නොගිය කෙනෙකුත් නෑ...

අර ට්‍රේඩ් මාක් ඉන්ටීරියර් රෙද්ද

මටත් මරුටිය එක්ක කවදාවත් ආත්මීය බැඳීමක් තිබිලා නැහැ. එහෙම බැඳීමක් තිබුණු අය මම දන්නෙත් එකම එක්කෙනයි. ඒ අපිට කවදත් උදවු පදවු කරන අපේ කවිකාර ලෝයර් සජීවනී අක්කා. එයා තමයි මේ ලෝකේ මම දන්නා එකම කෙනා මරුටියක් විකුණලා තව මරුටියක් ගත්තු. එයාගේ යාලුවෝ එයාට කියන්නේ ඕක ඉන්දියාවට දැනුම් දුන්නොත් එයාට භාරත් රත්න සම්මානේ හම්බවෙනවා කියලා...

සජීවනී අක්කගේ පරණ මරුටිය සහ මගේ බීට්ල් එක (ප්‍රොජෙක්ට් එකට කලින්)

මම ඩ්‍රයිවින් පුරුදු වුණේ මරුටියකින්. ඒක වුණෙත් මයුර ලර්නර්ස් එකේ මරුටියක් තිබුණු නිසා. එයාලා මට ඉස්සරලාම දවසේ සුසුකි එව්රියක් එළවන්න දීලා පස්සේ දවසේ ඉඳන් මරුටිය දුන්නා. එව්රියේ ඉඳලා මරුටියට මාරු වුණාම මට දැනුණේ පලංචියක ඉඳලා බංකුවට මාරු වුණා වගේ හැඟීමක්. කොහොම හරි වාහනේ පොඩි නිසා, ගියර් මාරුව එහෙම වැඩි අමාරුවක් නැතුව කරන්න පුළුවන් නිසා, පුරුදු වෙද්දී වේගේ ගැන වදවෙන්න ඕනේ නැති නිසා මරුටිය මගේ හිතට ඇල්ලුවා. හැබැයි මම කවදාවත් මරුටියට ආදරේ කරන්න පටන් ගත්තේ නෑ.

ඩ්‍රයිවින් අතට හුරු වුණාට පස්සේ මම ගත්තේ ලාන්සර් බොක්ස් එකක්. ඊට පස්සේ ෆොක්ස්වැගන් දෙකක් සහ මොරිස් මයිනර් එකක්. ඉතින් මරුටියකට මගේ හදවතේ බිම් අඟලක් වත් ඉතුරු වුණේ නැහැ. හැමදාමත් මරුටිය කියන්නේ මල ජරාවක් කියන තැන තමයි මම හිටියේ. "මෙන්න මේ මගුල දීලා දාලා මරුටියක් වත් ගත්තනං..." කියපු වෙලාවල් නම් ඉස්සර තිබුණා. නමුත් ඒක හදිසි කෝපය නිසා කියපු දෙයක් මිසක් සීරියස් කරන්න හිතපු දෙයක් නෙමෙයි.


කේ නොම්මර මරුටියක්

මගේ මේ දැඩි අන්තවාදී අදහස වෙනස් වුණේ මරුටි සුසුකි (ඉස්සර මරුටි උද්යෝග්) සමාගමේ සභාපති ආර්. සී. භාර්ගවා (සහ සීතා කියන මාධ්‍යවේදිනිය) ලියපු 'The Maruti Story- How a public sector company put India on wheels' කියන පොත කියෙව්වට පස්සේ. ඉන්දියාවට පොදු ජනතාවගේ වාහනයක් හොඳ ප්‍රමිතියක් එක්ක හඳුන්වලා දෙන්න කාපු එක එක හැඩයේ කටු ගැන ඒ පොතේ හොඳට විස්තර කරලා තියනවා. ඒක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ දැක්මකින් ලියපු එකක් බව ඇත්ත. උදාහරණයක් හැටියට සමහර කම්කරු ප්‍රශ්න, සේවක ප්‍රශ්න සහ අමතර කොටස් සැපයුම් ප්‍රශ්න විසඳන්න ගන්න වුණු දැඩි ක්‍රියාමාර්ග ගැන ඒකෙ තියෙනවා. ඒ වුණාට ඉන්දියාව වගේ රටකට නවීන තාක්ෂණය හඳුන්වලා දෙද්දී හතර පෝයට අටපාරක් සිල්ගන්න මානසිකත්වෙන් ඕක කරන්න බැහැ. ඒ නිසා රස්සාවක් කරන්න කම්මැලි වුණාම ඇතිවෙන කොමියුනිස්ට් මානසිකත්වේ අමතක කරලා ඒ පොත කියෙව්වොත්, ඇත්තටම තාමත් හෙළුවෙන් ජීවත් වෙන පූජකයෝ ඉන්න රටකට හොඳ තාක්ෂණයක් සහිත කාර් කොම්පැනියක් හඳුන්වලා දීම සහ ඒකත් එක්ක වෙළඳපොළේ වැඩි කොටසක් අත්පත් කරගැනීම කියන එක මොන ගේමක්ද කියලා හිතාගන්න පුළුවන්. මොකද ඒ කාලේ චීනෙන් වාහන කිට් අඩුවට ගෙනල්ලා එකලස් කරලා 'ගන්න අපේ දේ' කියලා බයිලා ගහන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ජපන්නු සාමාන්‍යයෙන් හදන්නේ හොඳ වාහන. උන් ප්‍රමිතිය ගැන සැලකිලිමත්. ඉතින් ජපානෙට ජැක් එකක් ගහනවා නම් සීරියස් විදිහට ගහන්න ඕනා.


ආර්. සී. භාර්ගවා

අනික තමයි ජපානෙන් බඩු එනවා කියලා ෂපාන් එකේ ඉඳලා, ආණ්ඩුවට ජැක් එකකුත් ගහලා ගතමනාව සරි කරගෙන ගෙදර යන්න විතරක් ඒ මිනිස්සු කල්පනා නොකිරීම. දේශීය අමතර කොටස් සැපයුමක් හදාගන්න ගන්න වෙච්චි වෙහෙස මහන්සිය මේ පොතේ තියනවා. ඊට අමතරව ප්‍රාන්ත ආණ්ඩු එක්ක ගනුදෙනු කරද්දී මතුවෙච්ච ගැටලුත් අනන්තයි. අපේ කලාපේ දේශපාලකයෝ විදිහට සාමාන්‍යයෙන් ඉස්සරහට එන්නේ නූගත්, නැහැදිච්චි, අසංස්කෘතික, අවලං හැත්තක් නිසා උන් කල්පනා කරන්නේ කොම්පැනියක් කියන්නේ තමන්ට කඩේ ගිය උන්ට රස්සාවල් දෙන්න සහ කප්පං ගන්න තියන තැනක් කියලා. මේවා ක්‍රමෝපායිකව මගඇරගෙන කොම්පැනියක් සාර්ථක කරගන්න එක ලේසි නෑ (මරුටි කොම්පැනිය රජයේ බහුතර අයිතිය සහිත සමාගමක් විදිහට ක්‍රියාත්මක වුණු එක ඇත්ත. ඒකේ අයිතිය ඉන්දියානු රජය සහ සුසුකි සමාගම අතර බෙදිලා ගිහින් තිබුණේ 76% සහ 24% අනුපාතවලට. නමුත් ඒක ලාභ ඉපයීම අරමුණු කරගත්තු සමාගමක් මිසක් සුදු අලියෙක් නෙමෙයි. ඒ වගේම 2007 දී ඉන්දියානු රජය තමන්ට අයිති කොටස් සේරම ටික ඉන්දියානු මූල්‍ය සමාගම්වලට විකුණලා දැම්මා. වැඩි විස්තර දැනගන්න කැමති නම් පොත හොයාගෙන කියවන්න).



අනික තමයි මොරිස් ඔක්ස්ෆර්ඩ් Series III එක දශක පහමාරක් ලයිසන් පිට කොපි කරකර ඇම්බැසඩර් කාර් එක හදපු හින්දුස්ථාන් මෝටර්ස් සහ ෆියට් 1100D එක එක බේස් කරගෙන දශක හතරහමාරක් තිස්සේ ප්‍රිමියර් පද්මිනී හදපු ප්‍රිමියර් ඔටෝමෝබයිල්ස් වගේ සමාගම් ඒ වෙනකොටත් වෙළඳපොළේ බොහොම ගතානුගතික ආකාරයකට කූඩැල්ලෝ වගේ එල්ලිලා සිටීම. අදටත් ලංකාවේ එවුන් පවා ඉන්දියාවේ දේශපාලකයෝ ඇම්බැසඩර් පාවිච්චි කරනවා කියලා ලංකාවේ දේශපාලකයන්ට මයික්‍රෝ ගන්න කියලා කියනවා. ඉතිං ලංකාව වගේම පසුගාමී රටක් වෙන ඉන්දියාවේ මේ වගේ දේශාභිමාන බයිලා පරද්දගෙන ලාභ ලබන සමාගමක් පිහිටුවීම මාර්ග ඵල ලබනවා වගේ ගේමක් තමයි.

නමුත් මරුටිය ගේම දිනුවා...

1983 දෙසැම්බර් 14 වෙනිදා තමයි ඒ වෙනකොට ඉන්දියාවේ අගමැති වෙලා හිටපු ඉන්දිරා ගාන්ධි පළවෙනි මරුටියේ යතුර හර්පාල් සිං කියන කෙනාට භාරදුන්නේ. ඒ මරුටියේ මිල වුණේ ඉන්දියානු රු. 48,000 යි. එන්ජිම 796cc. සිලිඩර් 3 යි. කාබරේටර්. බලය 5,000 rpm වලදී 39.5 bhp. හර්පාල් සිං තමන්ගේ ජීවිත කාලය පුරාම මේ කාර් එක කිසිම වෙනස්කමක් නොකර පාවිච්චි කළා කියලා 2015 දී හින්දුස්ථාන් ටයිම්ස් පත්තරේ වාර්තා කරලා තිබුණා.

හර්පාල් සිං ට පළවෙනි මරුටියේ යතුර ලැබුණු අවස්ථාව

ඉතාමත් පස්සේ කාලෙක හර්පාල් සිං පවුලේ අයත් එක්ක. මේ මරුටිය දිරා යමින් තියනවා කියලා 2015 දී ආරංචි වුණා. ඊට පස්සේ වෙච්ච දේ මම දන්නේ නෑ.
2013 අන්තිම වගේ නිල වශයෙන් මරුටි නිෂ්පාදනය අවසන් කරන්න සමාගම තීරණය කරද්දී මරුටි මිලියන 2.8 ක් විතර විකිණිලා තිබුණා. ඒ කියන්නේ මරුටිය ඇත්තටම යාන්තං ඔලුව උස්සපු මිනිස්සු මිලියන ගාණකට පොයින්ට් ඒ එකේ ඉඳන් පොයින්ට් බී එකට යන්න විසඳුමක් හොයලා දුන්නා කියන එකයි. මරුටිය කියන්නේ පට්ට ගගහා පාවිච්චි කරන්න පුළුවන් කාර් එකක් බව කවුරුත් දන්නවා. ඒ නිසා මිනිස්සුන්ට මේ කාර් එක නඩත්තු කරන්න ලිංගික අවයව උගස් කරන්න වුණේ නැහැ. කාර් එක ගරාජ් එකේ තියලා පයින් යන්න වුණේ නැහැ. ස්ට්‍රයික් කරන එවුන්ගේ ගෙම්බර් බලන්න වුණේ නැහැ.

ඒ නිසා මරුටිය ගැන මගේ හිතේ දැන් අපුලක් නැහැ...

හැබැයි ඉතිං... මං මරුටියක් ගන්න එකකුත් නැහැ...

ඒ වුණාට මම තාමත් අලුත් ඇල්ටෝ එකට වඩා පරණ මරුටියට ආසයි. එක පාරක් මට මරුටියක වේගේ ටෙස්ට් කරන්න ඕන වුණා. සාමාන්‍යයෙන් මම එළවන්නේ ක්ලැසික් කාර් එකක් නිසා, BMW සහ බෙන්ස් හැර අනික් බොහොමයක් වාහන වල වේගේ ටෙස්ට් කරන්න මම කරන්නේ මොරටුව සහ පානදුර අතර අලුත් පාරේදී ෂේප් එකේ අදාළ වාහනේ ඕවර්ටේක් කරන එකයි. මගේ බීට්ල් එක 1600 නිසා මට සෙල්ලමක් දෙකක් දාන්න පවර් එක තියනවා. ක්ලැසික් එකක් තමන්ගේ ලඩිය ඕවර්ටේක් කරනවා දැක්කම සාමාන්‍යයෙන් සල්ලි තිබුණට සංස්කෘතිය නැති බොහෝ දෙනෙකුට හිත ඇතුළේ චකබක ගාලා හීනමානෙ බොයිල් වෙන්න ගන්නවා. ඉතිං එතකොට මට බලාගන්න පුළුවන් මුන්ට මගේ බීට්ල් එක ඉස්සර කරන්න කොච්චර වෙලා යනවද කියලා (මේකේ පට්ටම ෆන් එක තියෙන්නේ ප්‍රියස් එකක් හෝ ඒ වගේ  වෙන හයිබ්‍රිඩ් එකක් ඉස්සර කළාම. හයිබ්‍රිඩ් කාරයෝ ඉතිං තෙල් ඉතුරු කරන්න ජීවත් වෙන කට්ටියක් නේ. ඒ නිසා උන්ට මාව ඕවර්ටේක් කරන්නද, නැත්තං අර තෙල් කඳුල බේරගන්න ඕන නිසා හීන මානේ කොහෙ හරි දෙබොක්කාවක ගහගන්නවද කියලා හිතාගන්න බැරුව යනවා. මේක හැමෝටම අදාළ නැහැ. අවශ්‍ය නම් විතරක් තොප්පිය දාලා කන්නාඩියක් ඉස්සරහට ගිහින් පද්දලා බලන්න). 

ඉතිං මේ පාර මම කරපු වැඩේ කොරලවැල්ල හරියේදී මරුටියක් ඉස්සර කළා. කොහොමහරි එගොඩඋයන හන්දියේදී පොර මාව ඕවර්ටේක් කරගෙන, මිචෙල් ජොන්සන් ජේම්ස් ඇන්ඩර්සන් දිහා බලනවා වගේ බැල්මක් දාලා යන්න ගියා. මට ආයේ පොරව ඉස්සර කරන්න පුළුවන් වුණේ ප්‍රේමචන්ද්‍ර ෂෙඩ් එක හරියෙදී. ඒ කියන්නේ වාහනේ පවර් එක ලංකාවට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කියන එකයි. 


බබාගේ ඇන්ජිම

බොහොම සැහැල්ලු අර්ථයකින් ගත්තොත්, මරුටිය කියන්නේ ඉන්දියාවේ බීට්ල් එක. තව අවුරුදු තිහ හතළිහකින් ඉන්දියාව සහ චීනය ලෝකයේ වෙළඳපොළ කාලා වැමෑරුවට පස්සේ, ඒ යුගේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ පරණ අටුකොරටු පෙරළ පෙරළා මරුටි හොයයි. එදාට අපේ පරපුරේ එවුන් ඒ කාලේ මරුටි වලින් වැඩ දාපු හැටි ගැන මෙලෝ ලැජ්ජාවක් නැතුව පොරටෝක් දෙයි. 

හැබැයි මට එකක් බුදු ෂුවර්. ඔය අයි ඩ්‍රයිව්, අයි සයිට්, අයි කිල් මයිසෙල්ෆ් කියකියා, ඉංග්‍රීසි හෝඩියේ අකුරු එක එක විදිහට පූට්ටු කරපු වැඩකෑලි එක්ක එන එක පපඩමක් වත් එදාට හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ... 

ඒ නිසා මට අදටත් මරුටියක් දකිද්දී ඉඳහිට Chamillionaire ගේ කටහඬ ගාලු පාරේ සාම්බාරු වුණු ගෝසාවල් අස්සෙන් කීං හඬින් ඇහෙනවා... 

දේ සී මී රෝලින්, දේ හේටින්... 


www.facebook.com/CarPissuwa

88 comments:

  1. මරුටියක් නම් එළවන්න ලැබිලාම නෑ මට.. ලයිසන් ගන්න ට්‍රයල් එක දවසේ වේරහැර RMV එක ඉස්සරහට ගිහින් 10 20 ගනං කරලා තෝරගත්ත ලර්නස් එකෙන් දීපු ඇල්ටෝ එක විතරමයි ඉන්දියන් එකකට කියල ඩ්‍රයිව් කරලා තියෙන්නෙ.. කාගෙ හරි මරුටියක් ඉල්ලගෙන බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි. එකපාරක් හරි එළවලා බලන්න ඕන භාණ්ඩයක් තමයි. ඒක ඔයතරම් අවමාන විඳින්න ඕන කාර් එකක් නෙවෙයි කියන එක මම බොහොම තදින් විස්වාස කරනවා...

      Delete
  2. බලද්දී මරුටියෙන් Alto එකට එද්දිත් පවර් එකේ වැඩි වෙනසක් වෙලා නෑ. අළුත් Alto 800 පවර් එක 48BHP නේ.
    අළුතින් එන Renault KWID එක හින්ද ඇල්ටෝ එකටත් සෑහෙන තරඟයක් දෙන්න වෙයි මාකට් එකේ ඉන්න නම්.

    ReplyDelete
    Replies
    1. Kwid එකට විරුද්ධව මේ වෙනකොට කට්ටිය සෑහෙන ප්‍රචාරණ වැඩසටහනක් දියත් කරලා තියන බව පේනවා. විශේෂයෙන්ම බිල්ඩ් කොලිටි එක වගේ දේවල් ගොඩක් කිය කියා. මම හිතන්නේ නැහැ තව සෑහෙන කාලෙකට ලංකාවේ මාකට් එකේ නම් එච්චර තරගයක් ඇතිවෙයි කියලා...

      Delete
    2. ක්විඩ් එක නම් මළම ජරා ගොඩක්. මරුටිය දාහෙන් සම්පතයි

      Delete
    3. ඔය, මං කිව්වේ... :D

      Delete
    4. KWID නම ඇහුනද Sithira එතන :D

      Delete
  3. හා හා පුරා කියල මේ ජනවාරිවල ගත්ත මරුටියක්... මං ඒ පුංචි වාහනේට ආදරෙයි.. තව ටික කාලෙකින් සල්ලි ටිකක් එකතු කරන් ලොකු කාර් එහෙකට යනවා.. ඒත් මගේ පුංචි මරුටිය ගැන මට ලොකු ගවුරවයක් තියෙනවා,, :)

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි. කවුරු බැන්නත් මරුටිය නිහඬව ලොකු සේවයක් කරනවා. ඒක ඔයාල වගේ අයගේ ගෞරවයට ලක්වීම සතුටක්.

      Delete
  4. දැන් මරුටි කියන කෑල්ල නැතිව ආයෙත් නිකන්ම සුසුකි කියලා නේද එන්නෙ.. මගේ මරුටි අපුල තාමත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් කොම්පැනිය තාමත් මරුටි තමයි. සුසුකි මරුටි 800 කියලා ආපු එක දැන් සුසුකි මරුටි (කොම්පැනියේ නම) සහ ඇල්ටෝ 800 (මාදිලියේ නම) බවට පත්වෙලා තියනවා. මරුටි අපුල ලේසියෙන් යවන්න පුළුවන් එකක් නෙවෙයි එකනම් ඇත්ත. නමුත් මම පොඩ්ඩක් අවංකව හිතන්න උත්සාහ කළා, ඒක කොයිතරම් බර කන්දකට කර ගහලා ඇද්ද කියලා... ඕක නොතිබ්බනම් අපේ කලාපේ ගොඩක් එවුන්ට පළවෙනි කාර් එක තව සෑහෙන කාලයක් යනකල් හීනයක් විතරක් වෙන්න තිබ්බා...

      Delete
    2. ඇත්ත ඇත්ත.. ඒත්, ඒක පොඩි වැඩියි.. හැප්පුනොත් එහෙම තැලිලා මැරෙයි කියලා මට බයයි...හැබැයි තෙල් සුවඳටත් දුවනවලු නේද ?

      ලඟදි මම ඔය කාරෙක ගැන ඇඩ් එකක් දැක්කා විදෙස් නාලිකාවක.. ඒකෙ ඒක හඳුන්වලා දුන්නේ "ඔල්ටෝ" කියලා...

      Delete
    3. හරියටම හරි සෙන්නා. මෙහෙ ඕල්ටෝ කියන්න ගියාම පොරවල් මට හිනා වුණා. ඒ නිසා මමත් ඇල්ටෝ එකටම සෙට්ල් වුණා :D

      Delete
    4. උඹ කියන්නෙ මෙහෙ එවුන් දෙහි වලට Lime නෙවෙයි කියන්නෙ, lemon කියලා. ඉතිං මාත් ලෙමන් කියලා ඉල්ලනවා. නැතිනං මේ ආත්මෙට දෙහි ගන්න බෑ. අද ඇත්තටම lemon තිබ්බා කඩේක. මම ඇහුවා How much is this lemon? කියලා. එතකොට මූ කියනවා Mmm.. this type of lemon is 3 for 10. මම විස්සක අරගෙන ආවා ලෙමන්

      Delete
    5. ඊමේල් එක දකිද්දී මම හිතුවා ඩූඩ් අයියා වෙන මොකක් හරි එකකට දාන ගිය කමෙන්ට් එකක් මේකට දාලා කියලා. මෙතනට ඇවිත් බැලුවාම තමා සන්දර්භය මීටර් වුණේ...

      Delete
  5. ගොඩක් කට්ටිය නොදන්නව වෙන්න පුළුවන්, ඔය මරුටියෙ ඩිසයින් එක ජපන්. ප්‍රිමියර් පද්මිනී වගේම ඇම්බැසෙඩර් වගේම බොහොම ලස්සන කොපියක් මේක. Suzuki fronteකියන ජපානෙ ඩිසයින් කරපු ජපන් කාර් එක තමා මේ. ඉන්දියානු වාහන වලින් සාර්තකම වාහන ඔක්කොම වගේ පිට රවවල ඩිසයින්. වෙන එකක් තියා ත්‍රීවීල් එකත් ඉතාලි ඩිසයින් එකක් නේ. ඔය ටාටා ලේලන්ඩ් ඔක්කොම පිට රටවල. ආර්තක වෙච්ච ඇත්තම ඉන්දියන් වාහන ඔය මහින්ද්‍රා සෙට් එක තම මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. සෙන් එක ඉන්දියාවේම නේද? මට හරියටම මීටර් නැහැ. මරුටිය ඉන්දීයයි කියලා මම කියන්නේ උන් ඉතාම සාර්ථකව ඒක ඉන්දීයකරණය කරපු නිසයි. නැත්තං මුලින්ම සුසුකි එකේ කාර් එකම තමා ආවේ. Ambassador එක බොහොම උද්දච්චව එකම ප්‍රමිතියෙන් තියෙද්දී මරුටිය කොලිටි වයිස් ගොඩක් දුර ආවා. ඒ වගේම ඒක බොහෝ දෙනෙකුගේ ජීවිත වලට රෝද එකතු කළා.

      ජපන් සම්බන්දෙ මතු කළාට බොහොම ස්තුතියි සිතිර...

      Delete
    2. විකිපීඩියාවට අනුව නම් Suzuki Cervo කියන කාර් එක තමා ZEN කියල ඉන්දියාවෙ නිශ්පාදනය කරන්නේ.
      මරුටිය ඉතින් ජපනා 1980 ගනන් වල අතෑරල දාපු මොඩ්ල් එකක් නේ. ඉන්දියන් කාරයා ඊට පස්සෙ ඕන ඕන විදියට වෙනස්කම් කරන්න ඇති. ඉන්ටීරියර් සුළු වශයෙන් වෙනස් වුනා නේද. එන්ජිමත් efi කලා

      Delete
    3. 2011 idan apu zen eka nm nissan copiyak.badge eka vitarai wenas

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මටත් කාර් එකක් ගන්ඩ හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ගන්ඩ අටම් හොඳ EFI මරුටියක් හරි ඇල්ටෝ එකක් හරි. කදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කවුරු මොනවා කිව්වත්...

      Delete
    2. එදාට මම මං එකක් ගෙනා දවසට වඩා සතුටු වෙනවා...

      Delete
    3. සතුටග බීලා කවියකුත් දායි බුකියේ... :D

      Delete
    4. හෝව් හෝව් තව කල්ප කලාන්තරයක් ඉන්ඩ වෙනවා , නැත්තං ඉතින් කාගේ හරි එකක් උස්සං එන්ඩ ඕන

      Delete
    5. zen ekat india neme.wagon midel ekata apu zen eka nissan wahaneka copiyak.mama lankawe dakala tynawa badge eka vtrai wenas

      Delete
    6. වාසනාව ප්‍රාදුර්භූත වෙන්නේ කියලා නෙමේ ආයිබෝවන්ඩ!

      Delete
    7. මස්සිනා.. උඹ දන්නවනෙ.අපි කාර් ගත්තෙ සල්ලි තිබිල නෙමෙයි.හිතේ හයියට.පත පොඩි නෑ උඹේ හිත පොඩිත් නෑ හිතුවොත් බැරිත් නෑ.

      Delete
  8. මචෝ උඹ එක්ක එක හිතින්ම එකඟයි..මරුටිය ගොඩ කෙනෙක්ට ගෙදර කෙනෙක් වගේ උදව් කරන වාහනයක්..ඒක එහෙමයි.

    ඒත් මචං යකඩ ගොඩවල් වලට ආස කරන එකාට කාරෙක කියන්නේ ගමන් යන්න විතරක් තියන දෙයක් නෙමෙයිනෙ.ඕක හේදුවත් ,ගැරිජ් කුණත් සැපයිනෙ.සමහර කෙල්ලො ඉන්නෙ කොච්චර ලස්සන උනත් හෝන් එකට අපේ අත යන්නෙ නැති :D

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. මගේ පොයින්ට් එකත් ඒකම තමයි. මම මේක ලිව්වේ ඔහේ බනින්නන් වාලේ බනින ඔටුවෝ ටිකක් ලංකාවේ ඉන්න නිසා. අර රටට පේන්න දඩ ලීසිං ගෙවාගෙන හයිබ්‍රිඩ් ගන්න සමහරුන්ට ඕක හෙන ලැජ්ජාවක්. ඒ වගේ ඩුප්ලිකේට් හැත්තකට වඩා මරුටිය මට ලක්ෂ ගුණයක් ශ්‍රේෂ්ඨයි. ඒ කාලේ ඔය වගේ එවුන් ෆොක්ස්වැගන් එකටත් බනින්න ඇති. හැබැයි දැන් කොහොමද?

      Delete
    2. හයිබ්‍රිඩ් තඩි අරගෙන හරියටම පාර මැද්දෙන් තියාගෙන තෙල් ඉතුරුකරගන්න බඩගානකොට මට යස්සය යනව බං...එතකොට අල්ලනව කණ ගාවිං..රෑට නං ගහනව උඩටම ඇජස් කරල හෙඩ් එක හැමනිලා පල කියල..

      Delete
    3. මම ඉස්සර ඔය වැඩේ ගැන දන්නේ නැහැ. මම ඉතින් ක්ලැසික් ම නේ. අපේ මාමණ්ඩි තමයි මට කිව්වේ මුන් මෙහෙම කොටන්නේ තෙල් ටිකට කුණු කමට කියලා. ලක්ෂ හතළිහක් විතර දීලා කාර් අරන් සත හතළිහක් ඉතුරු කොරගන්න පාර මැද කොටනවා...

      Delete
    4. අඩේ උඹලා හයිබ්‍රිඩ් පදින අහිංසක අපිට බනින්නෙ අැයි? හැබැයි බං සමහර උං කොට කොට තමා යන්නෙ. එ්ත් මගෙ එක්ස්පිරියන්ස් එක නං පෑගුවම තෙල් කරනව කාෙටනවට වඩා.. කොහොම වෙනවද කියලනං අහන්න එපා මම දන්නෙ නෑ.

      Delete
    5. මම උඹ ඇක්වා කාරයෙක් කියන එක අමතක කරලා හිටියේ. ඔන්න ඉතිං උඹම පැන්නා ඉස්සරහට... උඹ කොටන්නේ නැත්තං ඉතිං ඒකත් මදෑ...!

      Delete
    6. නෑ නෑ උඹ සෝයි :D මේ අනිත් එව්වොනෙ බං... ආං ඒකයි මං කියන්නෙ..හැක හැක

      Delete
  9. ඔය මරුටිය පාදක කරගත්ත ඔරිජිනල් ජපන් සුසුකි 800 එකක් තිබ්බා මගෙ මස්සිනාට. එයාලා කට්ටියම ඒක විකුනලා දාලා රටත් හැරලා ගියා. මට මතක නෑ ඒකෙ සුසුකි 800 හැර තව බැජ් එකක් තිබ්බද කියලා. පොඩි කාරෙකක්.

    ReplyDelete
    Replies
    1. ඔය ඔරිජිනල් සුසුකි කාර් එකට වගේම අසූ ගණන්වල මුල ආපු මරුටියටත් ක්ලැසික් ගෞරවේ ලැබිය යුතුයි. ලාඩා එකට ඒක තියනවා නම් මරුටියට නැති වීම අසාධාරණයි!

      Delete
  10. මාත් පටන්ගත්තෙ ඔ්කෙන්. එළවලා බලන්න අාසයි කියන අය ටිකක් පරිස්සමින් 60ට විතර පෑගුවට පස්සෙ නවත්තන්න නං දුර තියල බ්රේක් පාගන්න ඔ්න. මරුටියෙ ඔටෝමැටික් වෙන්නෙ එංජිම කැරකෙන එක විතරයි. අනික් සේරම මැනුවල්. පාර්ට්ස් නං පට්ට ලාබයි මම පදින කාලෙ. ජපං වාහනේක ටී බෙල්ට් දාන ගානෙන් ඔ්කෙ එංජිම තියන්න වගෙ පුලුවං කියල හිතෙනව. (මරුටියෙ ටී බෙල්ට් එක එ් කාලෙ 750යි..නෑ නෑ ඩොලර් නෙමේ රුපියල්)
    මට නං ටිකක් විතර වාහනේට අැල්මක් තිබ්බ. මගෙ පලවෙනි වාහනේ, කසාදෙට සේරම කරගත්තෙ ඔ්කෙ ගිහින්. හනීමූන් ගියෙත් එ්කෙ. මම ඔ්කෙ හැප්පිච්ච වාර අනන්තයි. වැඩිපුරම වෙන්නෙ බ්රේක් ගැහුවම ස්ලිඩ් වෙලා ගිහින් වැදෙන එක. එ්කයි ට්‍රයි කරන අයට බලාගෙන කිව්වෙ..

    ReplyDelete
    Replies
    1. අඩේ උඹව මේ හතරමායිමේ දැක්කමයි! ප්‍රතිචාරෙට බොහොම ස්තුතියි මචං. මං හිතන්නේ ඔයා මට කියලා තිබුණා ඔයාගේ පළවෙනි කාර් එක මරුටියක් කියලා. අත්දැකීම් මෙතන ලිව්වට ස්තුතියි!

      Delete
    2. මං 120ටත් එලෝනවනෙ. හැබැයි එතකොට නම් වෙව්ලනවා මාවත් එක්කම.

      Delete
  11. ළඟ කපද්දි තමා ඉතිං ඉන්දියාවෙ අම්මා අප්පා මතක් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. වෙලාවක මගේ EN එක කපලා බලපන්, උඹට පිලිප් කුමාරයා මතක් වෙයි :D

      Delete
    2. eka nam aththaa issara parana tata ekak kapanawa wage

      Delete
  12. Mamath idala idala gatta kiyandako bandayak. Dang masa 3 tise hamadama duwanawa thama eka binduwak wathura adu une na parissam karana eke uparima mama aye hemin yanawa nam safety parking patta lasy 1000 gahuwama sathiyama laga block eke duwanawa Ac dala 125km vitara hybrid walata wada Hondai Ac fridge eke Dora arala wage Mage eka nam Alto habai notama vandiya

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරෙට ස්තුතියි මහේෂ්!

      Delete
  13. Yes.. i drive maruti 2..3...time.. when i put my car to garage... ... its very economical... normally if i use marty one month i can by good smart phone..... thats my saving of fuel...lol

    ReplyDelete
    Replies
    1. Whose marty? Your boyfriend? Keep using him... Good luck! :D

      Delete
  14. මම තාම දුවන්නෙ මරුටියෙ. මම දන්නවා ඒක සුවපහසු වාහනයක් නෙමෙයි කියලා. ඒත් හසුරවන්න පහසුයි. ත්‍රීවීල් එකක් යන්න පුළුවන් ඕනෑම ඉඩකින් මරුටියටත් ගියෑකි. අමතර කොටස් ගාන අඩුයි. එන්ජිම හොඳට ටියුන් කරලානම් තෙල් කරනවා නප්පියටම. මම ඒක 120ටත් එලවලා තියෙනවා. පොඩ්ඩක් ගැස්සෙනවා එතකොට. ඒත් අවුලක් නෑ. හැබැයි හයිවේ එකේ යද්දි ඊට කලින් ගැස්සෙන්න ගන්නවා. 80දි විතර. හිත ගැස්සෙනවද මන්දා?

    මගේ සමකාලීන එවුන් ලොකු ලොකු වාහනවල යද්දී මම තාමත් කූල් එකේ මරුටියෙ යනවා. ලීසිං නෑ ණයවාරික නෑ.

    ඒක විකුණන්න හිතෙන්නෙ නෑ. දවසක් මේ ගැන කතාකළාම බිරිඳ කිව්වා එහෙනම් ඕක තියාගෙන වෙන එකක් ගමු කියලා. නැත්නම් හොඳ පොටෝ එකක් අරන් රාමු කරලා තියාගමු මතක්වෙන්න කියලා. කොහොමත් මේක විකුණන දවසට මට දුක හිතෙයි. මට එහෙම හිතෙනවා.

    මට මරුටියක් ගැනීමෙන් තියෙන ලොකුම කරදරය තමයි 'අපෝ මරුටියක්ද තියෙන්නෙ' කියලා කෝචොක් දාන එවුන්. එවුන්ගෙන් 50%කට විතර බයිසිකයක්වත් නෑ. තව එවුන්ට තියෙන්නෙ මෝටර් බයික්. මම නම් කවදාවත් මරුටියක් ගන්නෙ නෑ කියලා කියන උනුත් ඉන්නවා. මම ඉතින් එව්වට පස්සෙන් හිනාවෙලා නිකා ඉන්නවා. තව සමහර දෙකයි පනහේ ගැරේජ් කාරයෝ සර්විස් සෙන්ටර් කාරයෝ මරුටියට බනිනවා. අයිතිකාරයො නෙමෙයි දවසෙ පඩියට වැඩ කරන එවුන්. ඒක නිසා මම වැඩිගානක් ගියත් හොඳම ගැරේජ් වලට හොඳම සර්විස් සෙන්ටර් වලට තමයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. අර පොත දැම්ම කියෝලා බලනවා.

      Delete
    2. බොහොම ස්තුතියි හරී. නියම කතාව. මරුටියක් වත් ගන්න බැරි එවුන්, ජීවිතේ කියාගන්න බැරි ප්‍රශ්න තියන එවුන්, සහ ස්පාක් ප්ලග් එකක් අතගාපු ගමන් ඇක්ස්පෝට් ලා වෙච්චි එවුන් මාර සඳ ටෝක් තමයි දෙන්නේ මෙහෙම එකක් දැක්කම. පොඩ්ඩක් අවංකව හදවතට එබිලා බලන්න කියපු ගමන් ඇත්ත මීටර් වෙලා මාරාවේස වෙනවා. මේ ටිකට මම අහගත්තු දේවල් දන්නවා නම්... මාර ෆන්... :D

      Delete
    3. මම නම් සහෝ ප්‍රතිපත්තියක් විදියට රෝද හතරෙ ඉන්දියන් වාහනගන්න තියා හිතන්නෙවත් නෑ. ඒත් ඔය ණය වෙලා ලීස් දාලා ලොකු ලොකු වාහන ගන්නවට වඩා මරුටියක් ගන්න එක හොඳයි තමයි. හැබැයි ලක්ෂ 20ක් දීලා ඇල්ටෝ ගන්න උන් නම් රට හරක් බවත් නොකියාම බෑ.

      Delete
  15. ලක්ෂ 4, 4 1/2 වගේ ගනං වලට මරුටි තියෙනකොටනං මාත් ඔය වාහනයක් ගන්න ආසාවෙන් හිටිය. හොඳ වැඩේ කියන්නෙ අද වෙනකල් මට ඕව එකකට නගින්නවත් හම්බවෙලා නෑ. මට ලර්නස් එකේදි ඉස්සෙල්ලම එලවන්න හම්බ උනේ නිසාන් ලාගෝ එකක්.

    මොනව උනත් අර හරී කියල තියෙනව වගේ ඕවට නෝන්ඩි දාන වැඩි දෙනෙකුට බයිසිකලයක්වත් නැති බවනං අැත්ත.

    ReplyDelete
    Replies
    1. මරුටියකට නැගලවත් නැති කෙනෙක් දැක්කම සතුටු වෙන්නද දුක් වෙන්නද මන්දා! අර haters ලා ටික එකතු වෙලා ඔයාට සම්මානයක් දෙන්න ඉඩ තියනවා :D

      Delete
  16. මායි චූටිමැණිකෙයි ඉස්සරම බැලුවෙ ලොකු කාර්. අපිට ඕන කලේ අනුන්ට පේන්න ලොකු වාහනයක්. අතේ ලස්ස දෙකක් තුනක් තියං එව්ව ගන්න බෑ. ගත්තත් තෙල් ගහන්න බෑ. ඒ ගමන බැලුවා මයික්‍රෝ වෑන්නෙකක් (MPV junior) ලක්ස අටාමාරකට එකක් සෙට්වුනා. බැලුවහං ඒක මේ ක්වාටස් එකේ තියෙන ගැරිජ්ජෙකට දාන්ඩ බෑ උසයි. අන්තිමට සෙට්වුනා ජී නම්බර් මරුටියක්. කාබියුරේටර් මොඩල්. ගත්තා ඒක අඩුම ලීසිං වාරිකයක් තියෙන බැංකුවෙං ලීසිං එකක් දාලා. මාසෙට හයදාහක් විතර ගෙවනවා.

    ගත්ත ගමං අපේ මාමණ්ඩියා ගියා ඒකෙං කෙහෙල් පඳුරක් අස්සෙ වාහනේ ගල් ගෙඩි දෙකක් උඩ නැගල තිවුනෙ. එක ගලක් සයිලන්සරේට හිටලා. මට වාහනේ එපා කලා ඌ. හැබැයි කිසි ඩැමේජ්ජෙකක් නෑ. ඊළඟට දුම් පරික්ෂාව පේල් උනා. ඒ ගමන ආපහු ප්ලග් වයර්, ප්ලග් එහෙම දාලා කාබියුරේටරේ සුද්ද කරල හැදෙව්වා. ඒ ගමන ලෙඩක් ආවා යන්තම් පාගද්දි මිස් කරන ගතියක්. එතකොට වාහනේ ස්ලෝ වෙලා එකපාරම පනිනවා. ආපහු බුකියෙ "මෝටර් කාර්මික දැනුම" පිටුවෙ ඉන්න අයගෙ අදහස් ඇතුව ලොකු ජෙට් එකක් දාලා හැදෙව්වා. දැං ඒක හරි. ඒ ගමන තෙල් මීටරෙයි, හීට් මීටරෙයි වැඩ කරන්නෙ නෑ. බාසා මොකක් හරි ලබ්බක් කරලා ඒකට.

    ඩිකියෙ තිවුන තඩි බපල් දෙක ගැලෙව්වා. ඉං පස්සෙ ඩිකිය දෙපැත්තෙ අපොස්ටින් දෙක ගලෝලා බපල් වලට ගන්න බෝඩ් දෙකක් අරං ඒ අපොස්ටින් දෙකේ ගානට කපලා සෙට් කලා. ඒකට පීකර් දෙක ඇල්ලුවා. දැං ඩිකියෙ ඉඩ එහෙමම ඉතුරුයි. ගෙදර ගියහං පොල් ගෙඩි විස්සක ඉතර යි දරමිටි දෙහෙකුයි දාගෙන එන්න පුලුවං. හැබැයි හයි කරපු කැසට් එක මාස හයෙං ඉවරයි. මොකද්ද ජරාවක්.

    ඒසී එකනං මදි වගේ. ඒක දැම්මහං දවල්ට ඇතුලයි එලියයි දෙකම එක වගේ. ඇතුලෙ කූලර් එකෙං වතුර නං වැක්කෙරෙනව වාහනේ ඇතුලට. ඒ හංදා ඒකත් හදන්න ඕනි.

    හැබැයි වාහනේ තෙල් වැඩ. නියමෙට. මෝටර් සයිකලේට ගහන තෙල් ප්‍රමාණෙ (ඩිස්කවරි 125) දෙගුන කරලා ගැහුවං ඒ දුරම යතහැකි. ඒසී නැතුව විස්සකට කිට්ටුව දුවන්න පුලුවං. මම නං උපරිම ගියේ 70 ට විතරයි. බ්රේක් නං ටිකක් අහනව හොරයි ඔය වේගෙට.

    මම නං කියන්නෙ මගෙ වාහනේ කන්නෙ හදන එවුං. මෙහෙ හරි හමං බාසෙක් නෑ මේක හදන්න.

    ගොඩක් ඉස්තූතියි මරුටියට වටිනාකමක් දුන්නට. ඇත්තටම ඒක වටින වාහනයක්. පුලුවන්නං මට මේකෙ එ්සී එක ගොඩදාගන්න සුපිරි බුවෙක් හොයලා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මම ඒත් බලුවා ඔයා කෝ කියලා. ඔයා ඉන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. මම ඉන්නේ පානදුරට කිට්ටුව. මේ ළඟපාත ඉන්න කෙනෙක් නම් මම යවනවා දයානන්ද අයියා ගාවට මිකැනික් වැඩවලට. ගණන් සාධාරණයි. මිනිහා අවංකයි. වැඩ හොඳයි. ටින්කරින් ඕන නං එහා පාරේ ආනන්ද අයියා ඉන්නවා. ඒසී එකට පාරේ උඩ නන්දන අයියා ඉන්නවා. මේ විදිහට ගරාජ් වටකරන් ඉන්න නිසා මම පිට පළාත්වල ඉන්න මිකැනික් ලා ගැන නම් දන්නේ නැහැ. ඔයා ඉන්නේ කොහෙද කිවුවොත් පොඩ්ඩක් වටපිට රටතොට අහලා කියන්නම්...

      Delete
    2. ඒ සී එකේ වතුර කේස් එක මටත් ආවා. හදන්න දීපු තැනින් කිව්වෙ රොඩු හිරවෙලා කියලා. පස්සෙ යුනිට් එකම ගලවලා සර්විස් කරා. එළියෙන් වාතය ගන්න කෑල්ල වහලාම දැම්මා. ඊටපස්සෙ ආවෙ ඈ කේස් එක. ගොඩාක් දෙනෙක් කියනවා මරුටියෙ ඒසී නෑ කියලා. ඒත් මට නම් එහෙම අවුලක් නෑ. හොඳට ඒසී වැඩ. මම ඇතුළට දූවිලි ඇවිත් සවුත්තු වෙන හින්දා කවදාවත් ඒ සී නැතුව දුවන්නෙ නෑ.

      අනික කවදාවත් පොඩි ගැරේජ් වලට දාන්නෙ නෑ. සුරංගගේ කතාව හරි වාහන කන්නෙම හදන එවුන්. මම කැසට් එක වැඩ කරන්නෙ නෑ කියලා හදන්න ගියා. ඌ කැසට් එක ගලවන්න ගියාම මම කිව්වා ඉස්සෙල්ලා ෆියුස් එක බලපන් කියලා. ඇහුවෙ නෑ දාගෙන දඟලා කැසට් එක ගැලෙව්වා. ඩෑශ් බෝර්ඩ් එකට නියං පාරවල් දෙකකුත් ඇනුනා මුගෙ අතින්. පස්සෙ ලෙඩේ තිබ්බෙ ෆියුස් එකේ. මුගෙ අම්මට !@#@$#%

      Delete
    3. බලාගෙන යනකොට මරුටි පාවිච්චි කරන යාලුවෝ ඔක්කොම කියන්නේ එකම දේවල්. ඒසී එකේ ප්‍රශ්න එනවා, හැබැයි බාස්ලා කියන තරම් වැඩේ දරුණු නෑ. ෆියුස් එක බලන්න කියලා කොච්චර කිව්වත් අහන්නේ නෑ. ඉතිං කනින් කොනින් දේවල් අහන් පොරවල් වෙන එවුන් කියා කියා යනවා වාහනේ හොඳ නෑ කියලා...

      Delete
    4. අර එලියෙන් හුලං ගන්න මගුල වහන්න. මමත් සර්විස් දෙකක් විතර AMW එකෙන්ම කලා. පස්සෙ වෙන එව්වයින් කලේ හැබැයි. මම රෙපෙයාර් කලේ නං නාවින්නෙ උඩවත්ත මෝටර්ස් එකෙන්.
      අර පදුර අස්සෙ හිරවෙච්ච එක දැක්කම මතක් උනේ.. මම දවසක් ගිහින් බුවා සේ නැවැත්තුවා පාෙල් වලකට ටයර් එකක් දාල. පිටිපස්ස උඩ. මගුල් ගෙදරකට ගියේ. පස්සෙ නෑදැයෝ ටික එකතු වෙලා වාහනේ උස්සල එලියට ගත්තෙ. හෑල්ලු නිසා අවුලක් නෑ.

      රිංගන එක ගැනත් දාල තිබ්බ කවුදෝ. දවසක් මාත් එක්ක අාව එකෙක් මගට මාව දාපං කියල. උෟ ටිකක් යනකොට 3 වීල් එකක් රිංගනව දැකල කිව්ව "අන්න උඹටත් ඔතනින් යතෑකි" කියල. මම එතනිං දානකොටම මෙන්න මූ මැරෙන්න හදනව.. බැලින්නං උෟ කොමියට කියල තියන්නෙ. මම දානෙකාට උෟ බය වෙලා වදියි කියල. මම බලල දැම්මට පොරට සුවර් නෑ.

      Delete
    5. මේ එන්නේ ටික ටික මසුරං කතා එළියට...!

      Delete
    6. මං ඉන්නෙ බදුල්ලේ . ඒකයි අවුල. මෙහෙ බාස්ල කියන්නේ ඇන මුරිච්චි කරකෝන එවුංනෙ. කියන්නේ නං ඇංජිං අලුතින් හදලා දෙනව කියලා. අනේ සර් තරහ නැතුව ටෙලිෆෝන් නොම්බරේ මයෙ ඊමේල් එකට එවන්න. මට කාරනා ටිකක් තියෙනවා දැනගන්න . ranjithsuranga312@gmail.com

      Delete
    7. අර එසී එකට එලියෙං හුලං අදින තැන මට හොයාගන්න බැරිවුණා නෙ. ඒක තමයි එහෙනම් මේක වතුර ඇල්ලෙං වගේ වැක්කෙරුනට කූල් නැත්තෙ. ඒ සිදුර තියෙන්නේ කොතනද? මේක කොයිකට හරි පෙන්නලම කියන්න එපෑ "මේං මේක ගලවහං" කියලා .

      Delete
    8. නොම්මරේ එවුවා. මම තාක්ෂණ විශේෂඥයෙක් නම් නෙමෙයි, හැබැයි මම බාස්ලා එක්ක හැප්පිලා තියනවා දශකයක් විතර. අත්දැකීමෙන් දන්නා දෙයක් තියනවා නම් කියන්නං... හවසක කෝල් එකක් දෙන්න.

      Delete
    9. http://www.team-bhp.com/forum/attachments/modifications-accessories/399929d1280981944-maruti-800-mod-thread-dsc00022-desktop-resolution.jpg

      ඔය පින්තූරෙ රවුම් කරලා තියෙන කෑල්ල තමයි ඒසී යුනිට් එක. ඒකෙ ඉස්සරහා තමයි ඔය කියන කවුළුව තියෙන්නෙ. ඒක වහන්න පුළුවන් තහඩු කෑල්ලක් ගහලා. ගළවන වෙලේම මුළු යුනිට් එකටම සර්විස් එකක් දුන්නානම් හරි.

      ඒසී අඩු වැඩි කරන තැනට පහළින් කාර් දෙකක රූප එක්ක කෑල්ලක් තියෙන්නෙ ඔය කවුළුව අරින්න වහන්න තමයි. ඒත් කල් යද්දි ඒක වැඩ කරන්නෙ නැතුව යන්න පුළුවන්. මගෙ නම් වෙලා තිබ්බෙ මීයෙක් ඒක වැහෙන පන්ච් එක කාලා.

      Delete
    10. මං ඔතැන බැලුවා. එතැන හතරැස් කටක් තියෙනවා වාහනේ ඇතුලෙන්ම හුලං ඇදලා ගන්න. ඔයා කියන්නේ වාහනේට පිටිං, අවට වායුගෝලයෙන් හුලං අදින කවුලුවකුත් තියෙනවා කියලද?

      Delete
    11. මම මරුටි ගැන නම් දන්නෙ නෑ සුරංග. නමුත් වාහන එලෝන එකෙක් හැටියට එක අවවාදයක් නොදුන්නොත් යුතුකමක් පැහැර හැරිය වෙනවා. අර මීටර් දෙකෙන් fuel guage එක නැතත් temperature guage එක හදාගනින්ං පෙට්‍රල් නැතිනම් මග හිටියා එච්චරයි. අනිකෙන් එහෙම නෙවෙයි. බොයිල් වෙලා එන්ජිමෙන් දුම දානකල් දන්නෙ නෑ. එන්ජිම සීස් වුනොත් පෙට්‍රල් නැතුව මග හිටිය වගෙ නෙවෙයිනෙ. එක්කෝ එන්ජින් බ්ලොක් එකට ගහල තියෙන temperature sensor plug එක බලපං. නැතිනං ඒකම ඩෑෂ්බෝඩ් එකට ගහපු connector බලපං. ඔය දෙකෙන් එකක් ගැලවිලා ඇති.

      Delete
    12. සුරංග, මට මේක කියපන්.. බොට ඔය කාර් එක අරන් දුන්නේ කවුරු හරි තරහා කාරයෙක්ද ? යකෝ පුදුම දුකක් නේ විඳින්නේ...කාර් එකක් අරගෙන...

      Delete
  17. ඇත්තම කිව්වොතින් මරුටියක් නම් මෙච්චර කාලෙකට ඩ්‍රයිව් කරන්න ලැබිල නෑ...හැබැයි යාලුවෙකුගේ අලුත් ඇල්ටෝ 800 එකකින් මාතර ඉදල ඇඹිලිපිටියේ ගිහින් ආවා...එකේ සනීපෙ නම් දවස් දෙකක්ම මට දැනුනා.මමයි ඩ්‍රයිව් කලේ.80 පැන්න ගමන් දැනෙනවා වාහනේ යන්නේ එයාට ඕනේ විදිහට මිසක් මට ඕනි විදිහට නෙමෙයි කියල..මම හිතන්නේ කලින් තිබ්බ මරුටිය දැන් එනාල්ටෝ ඒකට වඩා හොද ඇති.හයිවේ එකේදී මාත් එක්ක මරුටියක් 100 ටම ඇවිත් තියෙනවා..
    වාහනේක ස්පීඩ් එක ටෙස්ට් කරන්න සාර්ථකම විදිහ තමයි බිට්ල් එකෙන් ඒ වාහනේට වඩා පොඩ්ඩක් ස්පීඩ් ගිහින් ඉස්සර කරන එක.පරණ කාර් එකක් ඇවිත් ඉස්සර කලාම ගොඩක් අය එක තමන්ට කරන මදි කමක් විදිහටයි ගන්නේ.මේ සිරි ලංකාවේ මම ඕක ඕනේ තරම් අත්දැකල තියෙනවා.අනේ ඉතිං අර අලුත් කාර් එකේ ඩයිවර් උන්නැහේ හොදට පාගල අපිව ඉස්සර කරන් යනවා.මමත් ඉතිං ආයෙම ඉස්සර කරන වැඩේ දෙපාරක් විතර කලාම ඔන්න අලුත් කාර් එකේ උන්නැහේ දෙන්නම් ජම්බු කියල ලෑල්ලට ම පාගනවා.ඔන්න ඉතිං එතකොට අපිට තියෙන්නේ ඒ වෙලාවේදී ලෑල්ලට පොඩ්ඩක් උඩින් පාගල අර අයිය කිව්ව ලුක් එකත් දාගෙන යන්න තමයි.
    මට මතක හැටියට කාර් පිස්සුවෙ කොමෙන්ට් කලාට අලුත් කාර් එකේ කොමෙන්ටුවක් කෙටුවේ අදම ද කොහෙද...මරුටිය ගැනත් ගොඩක් දේවල් දැනගන්න ලැබුණා..ගොඩක් අය මරුටියට ගරහද්දී මෙහෙම පොස්ට් එකක් වැටුන එකත් ලොකු දෙයක්නේ..
    ප.ලි.:හරි බාස් කෙනෙක් නැතිව බිටල් එක අනාත වෙලා හිටිය දවස් ටිකේ ඕකට වියදම් කරන එකේ මරුටියක් හරි ගනින් කියල මමත් ගෙදරමිනිස්සුන්ගෙන් කන් දෙක පිරෙන්නම අහගෙන තියෙනවා... :P

    ReplyDelete
    Replies
    1. පළවෙනි කමෙන්ට්එක නියමෙටම දුන්නා! තෑන්ක් යූ වේවා!

      Delete
    2. //අනේ ඉතිං අර අලුත් කාර් එකේ ඩයිවර් උන්නැහේ හොදට පාගල අපිව ඉස්සර කරන් යනවා.// මම නම් එහෙම කරන්නෙ අනිත් කාර් එක හොඳට බලාගන්න. කොහෙද කට්ටිය වැරදියට හිතන්නෙ

      Delete
    3. මෙන්න පුබුදු ඒ ඩ්‍රයිවර් උන්නැහේ අහුවුණා! :D

      Delete
    4. Kata boru kiwwath atha boru type karanne nahalu.. :P

      Delete
  18. Mageth thiyenne marutiyaka kawadawath mawa maga rasthiyadu karala na


    ReplyDelete
  19. Mageth thiyenne marutiyaka kawadawath mawa maga rasthiyadu karala na


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ට් කළාට!

      Delete
  20. මම නම් සුසුකි /මරුති අත්දැකීම් අඩුම කෙනෙක්. 84 විතර කාලේ ඉගෙන ගත්තු ටැන සම්බන්දකමක් නිසා ජර්මන් එම්බසියේ ජර්මන් කාරයින් අරන් තිබුන පෞද්ගලික ජපන් වාහන් ටික බලාකියාගත්තා.බිල්ඩින් ෆෝමන් වහේ හිටපු ජර්මන් කාරයගේ ඉන්දුනීසියන් වයිෆ්ට තිබුනා සුසුකි 800 දොර 4 එකක්.කාර්බිමොඩ්ල්.මොනවහරි වුනහම ගදර ගෙනත් හදලා ගනිහින් දෙනවා.98 ශ්‍රී නිසා පාරේ බය නැතුව යන්නත් පුලුවන් වුනා .පෙට්‍රල් 20 පැනලා යනවා. සාමානය පාවිච්චියට හොඳ කාර් එකක් කියන තැන තමයි මම ඉන්නේ.

    ReplyDelete
  21. ආයෙ එන්න හිතුනා. >>ඒ වුණාට මරුටියක නොගිය කෙනෙකුත් නෑ...<< මේ මම ඉන්නවා.
    සංජීවනී අක්කගෙ ගේ මාලබේ හවුසිං ස්කීම් එකේ තියෙන එකක් වගේ මට පේන්නෙ. අර SLIIT එක ලඟින් පහලට තියෙන පාරෙ. මම වැරදිද?

    ReplyDelete
    Replies
    1. මාලබේ නෙවෙයි, අතුරුගිරියේ... ඔයාගේ හිත කොහොමද මාලඹේට පියාඹා ගියේ? :D

      Delete
  22. meka nam aththa kathawa. hybrid ayage thiyenne thel ithurukaranna one kiyana mathe. eth wahane aragena (hybrid ekak) thawa mokakhari lassnata kallak hai karannane keeyen ke denada? echcharata lobai. hhithnanne wahane yakada godak witharai kiyala

    ReplyDelete
    Replies
    1. ලස්සනට කෑලි හයි නොකරන්නෙ ලෝබකමටම නෙමෙයි. සමහරු කැමතියි වාහනේ Bone stock තියාගන්න. OEM නොවන Entertainment System එකක් වත් හයි කරගන්න අකමැතියි සමහරු

      Delete
  23. ඇල්ටෝ පදින අයට නම් ඔය හීන මානේ බොහොම තදේට තියනව.

    ReplyDelete
  24. මරුති සෙන් එක ගැනත් ලියන්නකෝ

    ReplyDelete
  25. මම බ්ලොග් කියවල තියනව ගොඩක්... එත් මම බ්ලොග් එකක දාන පලමුවෙනි කමෙන්ට් එක තමා මේ... මගෙත් ආසාවක් තියනව වාහනයක් ගන්න... මම ගොඩක් වාහන ගැන ස්ටඩී කලේ ඉන්ටර්නෙට් එකෙන්ම තමා.... ඒ ගොඩක් තැන් වල මරුටියට දීල තිබුනෙ යහපත් තැනක් නෙවෙයි...ඉතින් මටත් මරුටි කිව්වම නිකන් කුනු ගොඩක/ තුවාලෙක චිත්ත රුපයක් තමා මැවුනෙ... එත් මේ ලිපිය සහ කමෙන්ට් කියෙව්වහම මට දැනුන ඇත්ත තත්වෙ ඊට වෙනස් නේද කියල....

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි ස්ටේන්. ඔවු, ඇත්ත කතාව ගොඩක් වෙනස්. හැමෝම ඔහේ රැල්ලට කතාකරනවා මිසක් ඇත්ත කියන්නේ නැහැ, කොන්වෙයි කියන බයට. මරුටි සහ ඇල්ටෝ ඇතුළුව මරුටි සුසුකී එකේ වාහන හදලා තියන්නේ අපේ රටේ වගේ තත්ත්ව වලට හොඳට ඔරොත්තු දෙන්න. ඒ නිසා අමාරුවෙන් ජීවිතේ ඉහලට යමින් ඉන්න කෙනෙකුට පටන්ගන්න හොඳම තැනක් තමයි මරුටි හෝ ඇල්ටෝ කියන්නේ. වාහනේ boring, ඒක ඇත්ත. නමුත් driving pleasure එකට වඩා ජීවිතේ ගැන වදවෙන්න වෙලා තියන මිනිස්සුන්ට හොඳම වාහන මේවා.

      Delete
    2. Honda Civic Sedan '1983–87 / Lancer Box වගෙ වාහන තමා මම පස්සෙ වැඩි උනන්දුවක් දැක්වුවෙ... ඒවත් එක්ක බැලුවම මරුටියට කොහොම ප්ලේස් එකක්ද තියෙන්නෙ සහෝදරය...

      Delete
    3. මෙහෙමයි. මගේ පළවෙනි කාර් එක ලාන්සර් බොක්ස් එකක්. ඒ නිසා මම ඒවට ආදරෙයි. මට කවදාවත් ලොකු කරදරයක් නම් දීලා නැහැ. හැබැයි ප්‍රායෝගිකත්වය, fuel economy එක වගේ දේවල් ගත්තොත් ලාන්සර් බොක්ස් එකකට වඩා අලුත් මරුටියක් වඩා ප්‍රායෝගිකයි කියලා මම හිතන්නේ. මේකට ගොඩක් දෙනෙක් විරුද්ධ වෙයි, හැබැයි විරුද්ධ වෙන වැඩි දෙනෙක් මේ දෙකෙන් එකක් වත් පාවිච්චි කරලා නැහැ. මරුටිය හරියට බලාගත්තොත් හරිම ලැදිව සේවය කරන කාර් එකක්.

      Delete
    4. මමත් තාම දෙකෙන් එකක්වත් පාවිච්චි කරල නෑ, එත් ලාන්සර් බොක්ස් එකටනන් හිතෙ අමුතු ඇල්මක් තියනව,, මාත් රත්නපුර මොකද මට මතකයි අපෙ ගෙදරත් මම පොඩිම දවස් වල සුදු බොක්ස් එකක් තිබුනෙ., තව මාමල ..තත්තගෙ යාලුවො ගොඩකටත් ඒවම තමා ගොඩක් තිබුනෙ.. තවටත් ලාන්සර් බොx එකට පිලිගැනීමක් අපේ පැත්තෙ තියනව....

      Delete
  26. මමත් දන්න කාලේ ඉදලා මරුටි පදින්නේ ...
    දුකට සැපට හිතවතා

    ReplyDelete