Friday, July 29, 2016

ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප්!




මම කවදාවත් ඕෆ් රෝඩ් වාහන ගැන එච්චර උනන්දු වුණු කෙනෙක් නෙමෙයි. මම මගේ මුළු ජීවිතයම මෙතෙක් ගෙවුවේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ. ආවේ ගියේ වැඩි හරියක් ගාලු පාරේ. ඉතින් ඉස්කෝල වෙලාවට, ඔෆිස් වෙලාවට, උද්ඝෝෂණ වෙලාවට, ඇමතිලා යන වෙලාවට, මගුල් තියන වෙලාවට, පෙරහැර යන වෙලාවට, වේල් කරත්ත යන වෙලාවට, බක්කි කරත්ත යන වෙලාවට, බූමිතෙල් කරත්ත යන වෙලාවට, වාහන එළවන හරක් යන වෙලාවට වගේ හැම වෙලාවටම ට්‍රැෆික් තියන, වේග සීමාව 50 ට සීමාවුණු, ඕඩියන් එක ගාව ඉඳන් විලියම් එක ගාවට යන්න පැයක් විතර යන, බයික් සහ ත්‍රීවීල් මැස්සෝ මදුරුවෝ වගේ සයිඩ් කන්නාඩි සිඹගෙන ඉගිල්ලෙන, සහ පොලිස් කාරයෝ වීදි ගණිකාවන්ට පිටිපස්සෙත් හැංගිලා ඉන්න පාරක යන්න සත්තු බලන්න යන වාහන අරගන්නේ මොන මගුලටද කියන එක තමයි මගේ තර්කෙ වුණේ. 

නමුත් මම ඕෆ් රෝඩ් වාහනවලට විරුද්ධ කෙනෙකුත් නෙමෙයි. (මම SUV කියන වචනේ පාවිච්චි නොකරන්නේ දැනුවත්ව. SUV කියන එකේ දැනට පවතින අර්ථය තරමක් නවීන සංකල්පයක් මත පදනම් වෙච්චි එකක්. අඩු තරමින් ඒක මහා පරිමාණයෙන් ආකර්ෂණීය සංකල්පයක් වුණේ මෑතකදී. ඒක ළමයි ඉස්කෝලේ ගෙනියන අතරේ ඉඳහිටක පිට්ටනියක වාහනේ පදින්න පුළුවන් කියනවා වගේ සංකල්පයක් කියන එක ඕවා එළවන අය දන්නවා. ඒ නිසා මම මේ කියන්නේ ඇතුළට Victoria's Secret ඇඳලා උඩින් ආමි කිට් ගහලා ඉන්න වාහන ගැන නෙමෙයි. මම කතාකරන්නේ ඇත්තටම මීමුරේ යන්න සහ, උන්ට ළමයි ඉන්නවා කියල පාරේ වාහන යන්න බැරිවෙන්න බම්පර් දාන දෙමව්පියෝ ඉන්න පාරක යන්න පුළුවන් ටයිප් එකේ වාහන ගැන). මගේ ඉස්කෝලේ යාලුවෙක් ඉන්නවා දැන් ඕස්ට්‍රේලියාවේ, ෆිල් කියලා. ඌ ඒ රටේ වාහන මඩේ දාලා ගන්න ආතල් එක දැක්කම මට ආසාවේ බෑ. ඌට කවර් කරන්න ඇරියස් නෑ. ඒ නිසා ඒක ඇත්තටම ස්වභාව ධර්මය සහ මනුෂ්‍ය නිර්මාණ අතර සටනක්. ඒකයි මම ඒකට කැමති.



ඕෆ් රෝඩ් වාහන අතරින් මගේ ආසාව තිබුණේ මිට්සුබිෂි ජීප් එකට විතරයි. විලිස් එක ගැන ආදරයක් තිබුණත් ගොඩක් ඒවාට 4DR5 ඔබලා තියන නිසා සහ ඔරිජිනල් තත්ත්වේ තියන ඒවා ගන්න නම් දැනට තියන දේපළ වගේම අනාගතේ ගන්න ඉන්න දේපළත් විකුණන්න වෙන නිසා මම ඒ ගැන එච්චරම හිතුවේ නැහැ.

ඕෆ් රෝඩ් වාහන ගැන මගේ හිතේ තියන පුංචි හරි ආසාව එන්න ඇත්තේ මම පුංචි කාලේ අපි හිටපු ගෙදරකට අල්ලපු ගෙදර තිබුණු එක්තරා වාහනයක් නිසා. මට මතකයි ඒ ගෙදර වත්තේ පැත්තකට එක්තරා සැන්දෑවක තඩිම තඩි වාහනයක් පහළ වෙලා තිබුණා. ඊට කලින් මම ඒ වගේ වාහනයක් දැකලා තිබුණේ නැහැ. ඒක ළඟට ගිහින් හිටගත්තාම මට දැනුණේ  අර මායා බෝංචි වැල කතාවේ (ඒක වැල කතාවක් නෙමෙයි. ඒ කාලේ කොහෙද ඒවා කියවන්නේ!) ඉන්න යෝධයව. තඩි රෝද හතරක් දාලා, කළු සහ රතු පාට ගාලා, ඒ මදිවට තඩි ඒරියල් එකකුත් ගහලා තිබුණා වගේ මතකයි. හැබැයි මට බයක් හිතුණේ නැහැ. ඒක විකුණන්න තියනවයි කියලා තාත්තා කිව්වම මම ඒක ගමු කියලා කරදර කරන්න ගත්තා. තාත්තා හිනාවෙලා නිකං හිටියා.

ඒ වෙනකොට පහළ මැද පන්තියේ ඉඳන් ඉහළට එන්න තාත්තා දහදුක් විඳිමින් ඉඳලා තියන බව මම දැන් දන්නවා. ඩ්‍රයිවින් පුළුවන් වුණු ගමන් තාත්තා ලන්ච් බ්‍රේක් එකේදී එළවන්න ගත්තේ එයා එතකොට වැඩකරපු ෆැක්ටරියේ තිබුණු ඩබල් කැබ් එක කියලා මට මතකයි. එයා ඔය වගේ වාහනවලට ආසාවෙන් ඉන්න ඇති සමහර විට. නමුත් මගේ ආසාව තිබුණේ කාර් පැත්තට නිසා එයා මොකුත් නොකියා ඉන්න ඇති.

ඒක එයාගෙන් අහන්න අද එයා ජීවතුන් අතර නැහැ...

මට නිසාන් පැට්‍රෝල් එක මීටර් වුණේ අහම්බෙන් වගේ. සාමාන්‍යයෙන් මම ikman එකේ නිසාන් කාණ්ඩේ ඇතුළට යන්නේ නැහැ. මගේ ශ්‍රී ලාංකික යාලුවෝ කාටවත් නිසාන් පැට්‍රෝල් ඇත්තෙත් නැහැ. එහෙම වාහනයක් තියනවා කියලා දැනගෙන හිටියට ඒ ගැන වැඩිදුර හොයන්න මට බැරිවුණා. වාහනේ මට මීටර් වුණේ දවසක් පාරේ ට්‍රැෆික් එකකදී 160 එකක් කනේ ගෑවෙන්න ගත්තට පස්සේ. සාමාන්‍යයෙන් ඔය කාලේ හදපු අනික් ජීප්වලින් එන ගෝසාව ඒකෙ එන්ජිමෙන් ආවේ නැහැ කියලා මට හිතුණා. අනික බොහෝ ඕෆ් රෝඩ් වාහන බලෙන් ටෆ් ලුක් එක ආරෝපණය කරගත්තු ඒවා වුණාට, මේක එච්චර දුරකට මොඩිෆයි නොකරම හොඳ intimidating ලුක් එකක් තියෙනවා කියලත් මට හිතුණා. මම පැට්‍රෝල් එක ගැන ටිකක් උනන්දු වුණේ ඊට පස්සේ.  



ඔහොම ඉන්නකොට දවසක් පානදුර ටවුන් එකේදී මට පැට්‍රොල් එකක් මුලිච්චි වුණා. ඒ වෙලාවේ මම යාලුවෙක් එක්ක මහපාරේ සමාජ විවේචන සෙෂන් එකක් දාගෙන හිටියේ. ඌ හෙන දරුණු විදිහට රට යා යුතු අත ගැන කතා කරනවා. මම ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම පැහැදිලි කරනවා. උගේ අදහසක් තිබුණා වාහන අරන් විකුණන බිස්නස් එකකට බහින්න. ඌට  අනුව 'මුදල් හදිස්සියක්' කියලා දාපු ගමන් පොඩි මාජින් එකක් තියලා ගොඩදාගන්න පුළුවන්. ඔය අතරේ තමා මම පැට්‍රෝල් එක දැක්කේ. මම ඒ පැත්ත බලනවා දැකලා ඌ නොසන්සුන් වුණා.

"කෙල්ලෙක්ද??"

"නිසාන් පැට්‍රෝල් එකක් බං..."

"කෝ...?"

"අර තියෙන්නේ..."

මම ඌට වාහනේ පෙන්නුවා. චුට්ටක් විතර දුරින් ඒක පාරේ තියාගෙන විකුණන කුණු තක්කලි සහ ඇකිලිච්ච වම්බටු ගොඩවල් මැද්දෙන් සන්සුන් හස්ති රාජයා වගේ හෙමින් හෙමින් පෙරට ඇදෙනවා. ඒක මට මතක හැටියට 31 හෝ 32 ප්ලේට් එකක් තිබුණු පැට්‍රෝල් එකක්. මූ ඒක බලලා මං දිහාට හැරුණා.

"ඕක පැට්‍රෝල් නෙමේ බං ඩීසල්. අනේ උඹ දන්න ජීප්..." ඌ නක්කලීය (නක්කලීය යනු නක්කලේ යන නාම පදයෙන් සෑදෙන නාම විශේෂණ පදයකි) වොයිස් එකකින් කිව්වා.

ඌට රස්තියාදු නොගහා හරිහමන් රස්සාවක් සොයා ගැනීමේ වැදගත්කම ආයේ පාරක් අවධාරණය කරලා මම යන්න ගියා.

මේ සිදුවීම් සහ පහුගිය කාලේ අලුත් නිසාන් පැට්‍රෝල් එක ලංකාවට හඳුන්වා දීම වගේ හේතුත් එක්ක පැට්‍රෝල් එක ගැන මගේ උනන්දුව ටිකක් වැඩිවුණා. වාහනේ ඉතිහාසය ගැන earlydatsun.com වෙබ් සයිට් එකේ ගිය විස්තරයක් නිසාන් ලංකා පේජ් එකේ ඊයේ පෙරේදා සිංහලෙන් දාලා තිබුණු නිසා මම ඒ ගැන විස්තර කියන්න යන්නේ නැහැ. සංක්ෂිප්තව කියනවා නම් මේක මුලින්ම ආවේ 1951 දී 4W60 එක විදිහට. ඒකේ තිබුණේ 3.7l එන්ජිමක්. පවර් එක 75 hp. ටොප් ස්පීඩ් එක 100 kmph. (earlydatsun.com වෙබ් සයිට් එකේ මිට්සුබිෂි ජීප් ගැන කියල තියන විස්තර සම්බන්ධයෙන් මට ගැටලුවක් තියනවා. ඒ ගොල්ලෝ කියලා තියෙන්නේ මිට්සුබිෂි එක විලිස් එකේ CJ3-A එක අවසර නැතුව කොපි කළා කියලා. නමුත් මිට්සුබිෂි එක ජීප් එක හැදුවේ විලිස් එකේ පූර්ණ බලපත්‍ර ඇතුව, විලිස් එකේ කිට්ස්ම පාවිච්චි කරලා කියලයි මම දන්නේ. මේ පොදු මූලාශ්‍රවලින් මම ඉගෙනගෙන තියන හැටි. ඒ නිසා විස්තර හොයන්න කැමති අය earlydatsun එකට සීමා නොවී වෙන මූලාශ්‍රත් පාවිච්චි කරන්න).






1953 වෙද්දී විලිස් එකේ ලයිසන් එක්ක මිට්සුබිෂි එක තමන්ගේ බ්‍රෑන්ඩ් නේම් එක යටතේ ජීප් එක මාකට් එකට දැම්මා. නිසාන් එක තරග කළේ මේකත් එක්ක. කොහොම වුණත් වැඩේ ටික ටික දියුණු වෙලා ගිහින් 1980 වෙද්දී අර මම ආසා 160 එක සහ 1986 දී 260  එක ආවා. අද වෙනකොට වාහනේ තියෙන්නේ 6 වෙනි ජෙනරේෂන් එකේ. මේකට දැන් කියන්නේ Y62 සීරීස් එක කියලා. සාමාන්‍යයෙන් පැට්‍රෝල් එක අරාබි රටවල සෑහෙන්න ජනප්‍රිය නිසා සහ මේක ටොයෝටා ලෑන්ඩ් කෲසර් එක එක්ක ඩිරෙක්ට් වලියකට බැහැලා ඉන්න නිසා, ඩ්‍රයිව් ඇරේබියා වෙබ් එකෙන් ගත්තු specs list එකක් මෙතන දානවා.


Nissan Patrol 2016 Specifications

Country of Origin

Japan

Class

Premium Large SUV


Body Styles

5-door wagon

Weight (kg)

2695 - 2795


Version

Performance

Engine

Gearbox

Power (hp)

Torque (Nm)

Fuel Econ (l/100km)

0-100 kph (sec)

Top Speed (kph)

5.6 V8 4WD
5.6 V8 4WD
5A/6M
7A
320
400
521
560
15.8
14.5
8.2
6.6
200*
200*

75 hp වලින් පටන්ගත්තු වාහනේ දැන් 400 hp වෙනකල් ඇවිත්. මේකේ මම ආසම දේ තමයි දැන් ඩීසල් එන්ජිම නැතුව 5.6 V8 පෙට්‍රල් එන්ජිමක් විතරක් එන එක. ඒ වගේම අරාබියේ සල්ලිකාරයෝ සහ වැලි ලෝලියෝ මේ වාහනේ ගැන හොටු පෙරාගෙන සෙනෙහස පාන වාර්තා වැඩසටහනකුත් මම කාලෙකට උඩදී බැලුවා. එතැනදී එක්කෙනෙක් කියනවා කාන්තාරෙට ගිහින් යහතින් එන්න නම් ඉතින් නිසාන් එකක්ම අරන් යන්න ඕනේ කියලා. ඒ වගේම පැට්‍රෝල් එක නිසාන් එකට කොයිතරම් වැදගත්ද කියන එක නිසාන් එකේ සභාපති Carlos Ghosn ඉතාම අපූරුවට පැහැදිලි කරනවා (Carlos Ghosn කියන්නේ මම කොන්දේසි විරහිතව ගෞරව කරන චරිතයක්. පාඩු ලබාපු නිසාන් සමාගම ගොඩදාන්න සහ, ඊට පස්සේ නිසාන් GTR එක බිහිකරන්න ඒ මනුස්සයා දරපු උත්සාහය ඒකට පැහැදිලි හේතුවක් විදිහට දක්වන්න පුළුවන්). මේ වාර්තා වැඩසටහන තාම යූටියුබ් එකේ ඇති. ඔයත් වැලි ලෝලියෙක් නම් හොයාගෙන බලන්න.

හැම කෙනෙක්ම ලෝකේ තියන හැම වාහනේකටම ආසා නැහැ. අපි හැමෝටම preferences තියනවා. උදාහරණයක් විදිහට VW එකේ Touareg එක මෙලෝ රහක් ඇති වාහනයක් නොවුණට අලුත් පැට්‍රෝල් එකකුයි Touareg එකකුයි දීලා එකක් තෝරගන්න කිවුවොත් මම තෝරාගන්නේ Touareg එක. නැත්නම් මම අලුත් මොන්ටේරෝ ස්පෝර්ට් එකක් ඉල්ල ගන්නවා. අනික් අතට BMW ලෝගෝ එක තියන ඇක්සයිස් පොතක් දැක්කත් සල්ලි දීලා ගන්න මම BMW එකේ SUV වලට ආසා නැහැ. මර්සිඩීස් එක SUV හදන එක මට තාමත් පේන්නේ විකාරයක් වගේ. 

හැබැයි එකක්. ඔන්න දැන් තමයි කතාවේ ට්විස්ට් එක එන්නේ. ඔහොම හිතන් ඉන්න අතරේ තමයි නිකමට යූ ටියුබ් බලද්දී මම දැක්කේ පැට්‍රෝල් එකේ නිස්මෝ එඩිෂන් එක ඇවිල්ලා තියනවා කියලා. නිස්මෝ කියන්නේ නිසාන් එකේ ටියුනින් ඩිවිෂන් එක කියලා දන්නවනේ. ඉතිං ඔන්න එකපාරටම ලෝකේ අනික් පැත්තට භ්‍රමණය වෙන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකට ගිහිං බැලුවාම අරාබි කාරයෙක් බස් බස් ගාලා හුළං පිටකරකර මොනවාද කියනවා. ඒකෙ වැඩිදුර නොගිහින් මම නිසාන් පැට්‍රෝල් නිස්මෝ කියලා ගහලා බැලුවා. දෙවෙනි වීඩියෝ එකක් අහුවුණා. වීඩියෝ එකේ බුවා වාහනේ ස්ටාට් කරලා බලමු කිවුවා. මම අහගෙන හිටියා. මොකෙක් හරි එකෙක් වාහනේ ස්ටාට් කළා. කැමරාව සහ මයික් එක තිබුණේ සයිලන්සරේ ගාව...

අර මේ දවස්වල බුකියේ නිතර දකින්න තියන, ටයන්නෙන් පටන් අරන් කේ යන්නෙන් ඉවර වෙන එක තමා! 

වාහනේ පණ ගැහුවේ හරියට සිංහබාහු නාට්‍යයේ ඔරිජිනල් ඇක්ටර් 'සිංහබා' කිව්වා වගේ ගාම්භීර සද්දයක් දාගෙන. ඊට පස්සේ උන් එකින් එක පෙන්නුවා වීල් සෙට් එක සහ  සුදුපාට වාහනේ රතු පාටින් දාලා තියන නිස්මෝ වැඩකිඩ වගේ දේවල් ටික. ඔයා සීරියස් නිසාන් SUV හෝ නිස්මෝ ෆෑන් කෙනෙක් නම් කවුරුවත් නැති තැනකදී මේ වීඩියෝ එක බලන එක ඇඟට ගුණයි. නැත්නම් ගෙදර හරි ඔෆිස් එකේ හරි මිනිස්සුන්ට ඔයා දාන සද්ද ටික ඇහුණට පස්සේ ටට්ටටටා ටාටමිඩා කන්න තමා වෙන්නේ.  





මේක මැද පෙරදිග රටවලටම විශේෂයෙන් Develop කරපු වාහනයක්. මෙන්න specs ටික. 

Nissan Patrol Nismo 2016: Specifications:

year:  2016
make:
Model:
Engine: V8
Horsepower: 428
Displacement: 5.6 L
0-60 time:6 sec. (Est.)
Top Speed:155 mph (Est.)

මීට අමතරව 2015 දී නිසාන් පැට්‍රෝල් ඩෙසර්ට් එඩිෂන් කියලා එකක් ආවා. මේක 2015 ඩුබායි මෝටර් ෂෝ එකේදී ලෝන්ච් කරපු, මැද පෙරදිග රටවලට විතරක් සීමා වෙන එඩිෂන් එකක්. මේක ගැන රිලීස් කරපු මරු ප්‍රෝමෝ වීඩියෝ එකක් තියනවා පහළ. වීඩියෝ එක අරාබි වලින් තියෙන්නේ සබ් ටයිට්ල් එක්ක. අරාබි වලින් කියනකොටත් පොඩි කිළිපොලා යන ගතියක් තියනවා. හොඳ හෙඩ් සෙට් එකක් දාගෙන අහන්න. එතකොට තමයි ගතිය දැනෙන්නේ. නිකං කම්පියුටරේ සද්දේ දාගෙන ලොතරැයි කූඩුව වගේ අහන්න එපා.



 
හැබැයි අපේ ආසාවල් මොනවා වුණත්, අසූ ගණන්වල ආපු පැට්‍රෝල් එකක් පාරේදී දැක්කොත් අපි බොහෝ දෙනෙකුට නිකම්ම බැලෙනවා. මගේ ඇහැට අනුව පැට්‍රෝල් එකේ 5th Generation එකේ සහ 6th Generation එකේ සාමාන්‍ය වර්ෂන් වාහන 4th generation එක දක්වා ආපු වාහන වලට වඩා අම්බානක කැතයි. ඒ මට පේන හැටි. ලස්සන කියන දේ සාපේක්ෂයි. හැබැයි කවද හරි Nismo එකක් ලංකාවට ආවොත් මොනවා වෙයිද කියන්න මම දන්නේ නෑ. 

ඒ වෙලාවට එතනින් අනුෂ්කා ෂර්මා විරාත් කෝලිගේ කරේ නැගලා ගියත් අපට පේන එකක් නෑ.



www.facebook.com/CarPissuwa


පසු සටහන: 

කතාව පුරාම පට්‍රෝල් කියලා ලියන්නේ නැතුව පැට්‍රෝල් කියලා ලිවුවේ සිංහල ඇස්වලට ඒ විදිහ වඩා හුරු නිසා. වෙන භාෂාවලින් ආපු වචන වල ආරම්භයේ තියන සංවෘත්ත ස්වර පෙන්නන්න ක්‍රමයක් සිංහල භාෂාවේ නැහැ. පසු සටහන ලිවුවේ ලිපියේ අන්තර්ගතයට අකමැති වුණාම සමහරු භාෂාවේ වැරදි අල්ලගන්න ට්‍රයි කරන නිසයි.


67 comments:

  1. aiye, mama wadi purama asa classic cars and offroading jeep. ape aiya kenekta thiyenwa 1988 isuzu trooper 2.8 l ekak. aiye, classic cars tharam nathiunath parana jeep ekaka offroading yaddi mara athel. {mama giyapu hinda kiyanne] aiyath tikak unandu wenna. patta fun subject eka

    ReplyDelete
    Replies
    1. ෂුවර්! බොහොම ස්තුතියි අනූප!

      Delete
  2. patta modified 1984 patrol y61 ekakui 2016 sahara zx ekakui thibboth thoraganne y 61 eka

    ReplyDelete
    Replies
    1. මං එකයි කියන්නේ. 80 ගණන්වල Patrol එකේ තියනවා මාර ගතියක්!

      Delete
  3. classic cars tharam nathi unath patta fun wade offroadin trip ekak kiyanne. aiyath tikak unandu wenna
    asa hithei

    ReplyDelete
    Replies
    1. ක්ලැසික් කාර්ස් තරම් නැති වුනත් පට්ට ෆන් වැඩේ ඕෆ් රෝඩිං ට්‍රිප් එකක් කියන්නෙ.
      Anupa, Download Singreesi 8.1. I use that and it's standalone piece of software. That's how I type like this.

      Delete
    2. ඩූඩ්, ඔයාගේ රුසියාව ආටිකල් එකේ තිබුණු දඩ ට්‍රක් එක මතක් වුණා!

      Delete
    3. ඒක නිතර දකින්න ලැබෙන එකක් නෙවෙයි තරිඳු. එච්චර කබලක් මම දැක්කමයි ඒ. මම රුසියාවෙ වාහන ගැන ලියනවා.

      Delete
  4. මට SUV එක්ක තියෙන්නෙ මාර අමුතු බැඳීමක් වගේ එකක්. ඩ්‍රයිවින් පුරුදු උනේ 32- Pajero එකකින්. මම සතෙන් සතේ ටිකෙන් ටික එකතු කරලා boring sunny එකක් ගන්නකල් ඩ්‍රයිව් කරෙත් තාත්තා 32- එක විකුණලා ගත්ත මහත්තයා මොඩ්ල් Pajero එක. දැනටත් අර පැජරෝ එකේ ගමනක් ගිහින් ඇවිත් මගේ කාර් එකේ වාඩි උනාම බිම ඉඳත්තා වගේ.. මේ මොකක්ද යකෝ කියලා හිතෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඕකට මහත්තයා මොඩ්ල් කියන හේතුව දන්නවද? මට ඒක මතක නැහැ...

      Delete
    2. මාත් හේතුව නම් දන්නෙ නෑ. කොහොම උනත් ඒ කාලෙ ආව SUV වල තියන ලුක් එක අලුත් ඒවාගෙ නෑ. මට පේන්නෙ නිකං සෙල්ලම් බඩු වගේ. Patrol වලත් 4th generation එක තරම් සිරා එකක් නෑ මටනම්. කොහොමත් 1985-1998 වගේ කාලෙ ආව SUV තමා සිරාම.. (පෙනුමෙන්)

      Delete
    3. සහතික ඇත්ත. සමහර අලුත් ඒවා දැක්කම අල්ලලා බලන්නත් බයයි, ප්ලාස්ටික් වගේ කටස් ගාලා කැඩෙයි කියල හිතෙනවා මට :D

      Delete
    4. parana 4dr5 ekak ekka oya hybrid outlander ekak thibboth otlander eke kalith na!!!!!!!!!!!!!

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. oඔන්න ඔය සංවාදේ තමා මටත් ඕනා!

      Delete
  6. Head of the above comment was missing. SO re-posting:

    උඹේ සමහර පෝස්ට් වලට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.

    නමුත් අපි මෙතනින් පටන් ගනිමු >>හැම කෙනෙක්ම ලෝකේ තියන හැම වාහනේකටම ආසා නැහැ. අපි හැමෝටම preferences තියනවා.<<

    නමුත් ඊට කලින් උඹ නිර්මාණශීලීව භාෂාව හසුරුවන හැටි ගැන මම සතුට ප්‍රකාශ කරන්න උදාහරන දෙකක් දෙන්නම්

    1.ඌ නක්කලීය (නක්කලීය යනු නක්කලේ යන නාම පදයෙන් සෑදෙන නාම විශේෂණ පදයකි) වොයිස් එකකින් කිව්වා.

    2. අරාබි කාරයෙක් බස් බස් ගාලා හුළං පිටකරකර මොනවාද කියනවා.

    එළ ඈ. කීපිටප්යැ.

    ආපහු මුලට ආවොත් අපි දෙන්නා එකම පි‍ටුවෙ නෙවෙයි ඉන්නෙ. නමුත් අපිට පුලුවන් එක පි‍ටුවෙ ඉන්න දෙන්නෙකුට වඩා හරවත් දේවල් කතා කරන්න.

    එක පාරම මට කියන්න තියෙන දේවල් ගැන නොකියා ටික ටික කිව්වොත්, මම ඩීසල් එන්ජින් වලට පෙට්‍රල් එන්ජින් වලට වඩා මාර ආසයි. ඒ ඇයි කියලා අහන්නෙ එපා මොකද ඇයි උඹ VW වලට මයිනර් වලට ආස කියලා මම අහන්නෙ නැති නිසා.

    මම මිට්සිබිෂි ජීප් එලවලා තියෙනවා නමුත් බින්දුවක් වත් ආස නෑ. දීපගෙ අප්පච්චිගෙ පරණ ලෑන්ඩ් රෝවර් එලවලා තියෙනවා බින්දුවක්වත් ආසා නෑ. නමුත් මම පැජෙරෝ එකට ආසයි. ඒ ඇයි කියලා අහන්න එපා. මම ආසයි.

    උඹට බෝරිං සමහර කාර් වලට මම ආසයි. මට මැස්ඩා ඩේමියෝ එක මාර සෙක්සි. ගොල්ෆ් එක පරණ ක්‍රෂ් එකක්.

    To be continued at leisure...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩූඩ්. ඉතුරු ටික එනකල් බලන් ඉන්නවා!

      Delete
    2. ඇරු ඇරු ලොක්කා... ලේසියෙන් අරිඩෙපා..

      Delete
    3. යකෝ මේක විවාදයක් නෙවී :D ඩූඩ්ගේ අත්දැකීම් වලින් දහයෙන් පංගුවක් මට නැහැ. ඒ නිසා මම ඔය කතා අහන්න ආසයි.

      Delete
    4. අනේ බං විවාදයක් නෙවෙයි. උඹේ පෝස්ට් එක පැළයක් නම් ඒකට පොහොර වතුර සැපයීමත් කේක් එකක් නම් අයිසිං කිරීමත් තමයි මේ කරන්නෙ.
      දැන් මගේ ඉබි පෝස්ට් එකට පත්තරයා ෆෝටෝස් එවලා කලෙත් ඒකමනෙ





      Delete
    5. ඉතුරු ටික ලියපන්කො. මටත් ඉස්සර කාලයක් තිබුණා ගොල්ෆ් පස්සේ දුවපු...

      Delete
    6. එකෙන්ම ඩූඩයියා..

      Delete
    7. මම මේ දීපට කියලා කට ගත්ත විතරයි උඹේ බ්ලොග් ගැන. ඒ කිව්වෙ උඹේ බ්ලොග හරියටම අපේ ෆ්‍රිජ් එක වගේ මේ දැනුත් ගිහිල්ල ඇරලා බලලා
      "දීපා, චොක්ලට් කෑල්ලක් කමුද?"
      "දැන් එපා. ඔයා කන්න. තව විනාඩි දහයෙන් බත් බෙදනවා."
      ඒ ගමන වහලා දාල එනවා.

      ඕක නිතර වෙනවා. ඒකෙ මොකුත් කන්න දෙයක් තිබුනත් නැතත් ගිහිල්ල බලලා එනවා පුරුද්දට.

      පස්සෙ පණයනකල් ජොග් කරන්වා, එක්සර්සයිස් කරනවා.

      උඹේ බ්ලොගත් එහෙමයි. නිතර ඇවිත් මොනවද කට්ටිය කියලා තියෙන්නෙ කියලා ඇරලා බලනවා. මේක මම එන්න කැමති තැනක්. කෝ අර පත්තරයා. ඌත් මේකෙ චොක්ලට් ඇපල් හෙම ගෙනත් තියනවා.

      Delete
    8. ඒ කියන්නේ අන්තිමට මම ගරාජ් එකක් දාන්න කියලා පටන් අරන් සිල්ලර කඩයක් දාලා කියන එකද? :D

      Delete
    9. වාහන උණ කාරයො නිකම්ම ඇදිලා එනවා මෙතෙන්ට.. උඹට ක්ලැසික් කාර් පිස්සුව වගේම බයික් පිස්සුවයි අලුත් කාර් පිස්සුවයි හැදියං දෙයියනේ :D

      Delete
    10. මට අලුත් කාර් උණ නැත්තේ නැහැ. මේ බ්ලොග් එක අලුත් කාර්. :D දැන් දෙන්න මට අලුත් BMW M3 එකක්, තියන ඒවා සේරම දීලා දානවා. බයික් ගැනත් හොඳ ලිපියක් දෙකක් එයි ළඟදී. :D

      Delete
    11. මචෝ පැජරෝ එකේ විකාශනයත් ලියපංකෝ..ඒකත් ඉන්ටරෙස්ටින් වෙයි.

      Delete
    12. අපේ එකෙක් ඉන්නවා පැජරෝ කකා වතුර බිබී කොළඹ දුවන ... ක්. ඌත් මට කිව්වා ලියපන් කියලා. ඇත්ත, ඒක ගැන කට්ටිය උනන්දු වේවි. අදහස් දෙනවට තෑන්ක්ස් පත්තරේ!

      Delete
    13. ජය වේවා !!
      ලියපං මස්සිනේ..

      Delete
    14. පසු සටහන ලිවුවේ ලිපියේ අන්තර්ගතයට අකමැති වුණාම සමහරු භාෂාවේ වැරදි අල්ලගන්න ට්‍රයි කරන නිසයි.

      මෙන්න මේ කෑල්ලට මම එකඟ නෑ. නමුත් උඹ "සමහර" කියන disclaimer එක දාපු නිසා මම ඒකට සම්පූර්ණ විරෝධය පාන්නේ නෑ. කිව්වත් වගේ එහෙම දෙඤ්ඤං බැටේ විචාරත් ඇති නමුත් හුඟක් වෙලාවට ඒක එහෙම නෙවෙයි.

      වැරදි මමත් දැක්කොත් පෙන්නල දෙනවා. ඒ පෝස්ට් එකේ ගුණාත්මක භාවය වැඩි කරන්න උදව්වක් හැටියට. සමහරවිට මට හිතුනොත් මම වෙනම පෞද්ගලිකව ලියලත් දැනුම් දෙන වෙලාවල් තියෙනවා. නමුත් මම හුඟක් වෙලාවට මොකුත් නොකර නිකනුත් ඉන්නවා.

      ඒ එක්කම මම ලිව්වාමත් මටත් හරියට වැරදි සිද්ද වෙනවා. මම දකින දකින ගානෙ ඒවා ආපහු ඩ්‍රාෆ්ට් එකට ගිහින් හදනවා පබ්ලිෂ් කලාට පස්සෙත්. මගේ පවුලේ අයම වැරදි පෙන්නල දෙනවා හුඟක් වෙලාවට. මගේ අලුත්ම පෝස්ට් එකේ බලපං යාලුවො කීප දෙනෙක්ම වැරදි පෙන්නල තියෙනවා. මම ඒ ඔක්කොම ඉස්තූතිපූර්වකව හැදුවා.

      මගේ දුව ඇහුවා අර >>"අපි ආපහු කලින් වගේ අගනුවර හිර ගෙදරක් හොයන්නෙ නැතුව, නිදහසේ ගෙදර ඉඳලා බස් එකේ අගනුවර යන්න තීරණය කලා. අපිට මෙච්චර හොඳ, ලොකු, ඉඩ තියෙන, වත්තක් තියෙන ගෙදරක් තියෙද්දි,...<< කියන කොටස කෙනෙක් වරදවා තේරුම් ගනීවත්ද කියලා. මම ඒක ඉංග්‍රීසි එකේ එහෙමම තියෙන්න ඇරියා, නමුත් සිංහල එකට මේ කෑල්ල එකතු කලා.>>(මෙය හුදෙක් අගනුවර කුඩා තට්‍ටු නිවාසය හා සැසඳීමක් පමණි. පර්චස් පහළොවක අවුරුදු දහ අටක් තිස්සේ තවමත් ටික ටික ගොඩනගන නිවස පිළිබඳ වත්කම් ප්‍රකාශයක් නොවේ) <<

      Delete
    15. ඕක ඔයා හිතන තරම් පුළුල් සන්දර්භයක වෙච්චි දෙයක් නෙමෙයි. මරුටිය ගැන ලියපු ලිපියට මාත් එක්ක මරාගන්න ආපු එවුන් හිටියා. පීචං කරලා දාලා හිටපු කොට්ඨාශයකට වැලිඩිටි එකක් ඇවිල්ලා තමන්ගේ අධිපත්‍යය නැතිවෙයි කියලා බයවෙච්චි එවුන් එක එක දේවල් කළා ඕකට. කාර් ලෝකේ අපි හිතන තරම් ෆ්ලැට් නෑ. අනවශ්‍ය සංවාද ඇතිවෙලා ලිපියේ අන්තර්ගතේ ගැන අවධානය කැඩෙනවට මම කැමති නැහැ. මගේ ඕඩියන්ස් එක තියෙන්නේ මෙතන විතරක් නෙමෙයි කියලා ඩූඩ් දන්නවනේ. ෆේස්බුක් එකට ගියාට පස්සේ ඕකට ඉස්සරලා කියන්නේ උච්ඡාරණය වැරදියි වගේ කතා. ඊට පස්සේ අනවශ්‍ය විවාද ඇදගෙන ඒක මඩ ගොඩක් කරලා පෝස්ට් එක රිපෝට් කරන්න පොටක් හොයනවා. මට ඕවා එක්කම එල්ලෙන්න වෙලාවක් නැහැ. ඒකයි එහෙම දැම්මේ. මේක හෙන ගෝත්‍රික රටක් නේ. කාර් ලෝකෙත් එහෙම ගෝත්‍ර තියනවා. තමන් බෙල්ලෝ අල්ලන් කන තැනට අනික් එකෙක් හොටදායි කියලා බයවෙන සීන් අනන්තයි. මම එයාලා වගේ ඔකෙන්ම ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. මට වෙන ජීවිතයක් තියනවා. ඔන්න ඔය සීමිත කන්ටෙක්ස්ට් එක ඇතුලේ විතරයි මේක අර්ථවත් වෙන්නේ...

      Delete
    16. Yes, you have a point there. මට කියන්න ඕනෙ වුනේ ඕකෙ ධනාත්මක පැත්ත ගැන. හරි ඒක අල්ලලා දාමු. මෙන්න මේක ගැන කිව්වොත් මගෙ අදහස මෙහෙමයි.

      කතාව පුරාම පට්‍රෝල් කියලා ලියන්නේ නැතුව පැට්‍රෝල් කියලා ලිවුවේ සිංහල ඇස්වලට ඒ විදිහ වඩා හුරු නිසා.

      මෙන්න මේ කොටස ගැන මම හොඳටම ඉම්ප්‍රෙස් වුනා. ඇත්ත සිංහලෙන් ඔය හඬවල් දෙක (/ə/,සහ/ ʌ/)වෙන්කරලා හඳුනගන්න අමාරුයි. ඒ වගේ හඬවල් තව ගොඩක් තියෙනවා.

      මම කරන්නෙ ඒ වෙලාවට වචනෙ සිංහල ටෙක්ස්ට් එක මැද්දට රෝමන් අකුරෙන්ම අතාරින එක. එතකොට ඒක තව දුරටත් මගේ ප්‍රශ්ණයක් නෙවෙයි. ඒ මම හිතන විදිය.

      ඊ ලඟට සිංහල ඇස්වලට ඒ විදිහ වඩා හුරු නිසා. කියන කොටසට යම් තාක් දුරකට පමණක් එකඟයි. ඕකෙ වැඩේ සමහර වෙලාවට අර Great Wall බස් එක ගැන අහද්දි සමහරු Great Hole එක තාම ගියේ නැද්ද කියලත් අහන නිසා. අපේ සිංහල ඇස් සහ කටවල් සමහර විට අන්තවාදීයි ඒ වගේ. පොස්සැගන් කියලත් කියන සිංහල කටවල් ඕනෙතරම්. ඒ නම් කම්මැලිකම බං. ස්වස්තික කියලා කියන්න පුලුවන් කටවල් වලින්ම ඉස්කූල් කියන්නෙ ඇයි කියලා මම සමහර වෙලාවට කල්පනා කරනවා.

      Delete
    17. ඇත්තටම බහුතරයක් කියන්නේ සුවස්තික කියලා. අපට ඒක තේරෙන්නේ නෑ.

      මම අතීත කාමය තියන එකෙක් නෙමෙයි, හැබැයි ඕක තමයි අර පැරැන්නෝ හිච්චි උන්ගේ බෙල්ලෙන් අල්ලන් බුද්ධ ගජ්ජෙයි සකස්කඩෙයි කියෙව්වේ. :)

      Delete
  7. Jeep කියන්නේ අර ඉස්සර පොලීසියටත් තිබුනු මිට්සුබිෂී වාහනය නේද ? පස්සේ වෙනම Jeep කියලා Make එකක් ආවේ කොහෙන්ද ? උන් දැන් ඒක "There is only one Jeep" ස්ලොගන් එකක් යටතේ මාර්කට් කරනවා...

    ඉස්සර අපි ඔය ඔක්කොවන්ටම කිව්වේ ජීප් කියලා.. දැන් ඒකටත් කෙලියා...

    පැට්‍රෝල් වාහනය මමත් පාරේදි දැකලා තිබුනට එච්චර උනන්දුවක් දැක්කුවේ නෑ...

    ReplyDelete
    Replies
    1. Jeep තමයි සෙන්නා ඔරිජිනල් එක. ඒක තමයි මිට්සුබිෂි සහ මහේන්ද්‍ර දෙක ලයිසන් පිට එකලස් කරලා මාකට් කළේ. පස්සේ ජීප් එක කයිසර් වගේ සමාගම් ගොඩක් අතට ගියා.

      Delete
  8. එකෙන්ම මැකුවා..නෑ බං නිසාන් පැට්‍රෝල් ජිප් එකට අදාල නිසා ඇහුවෙ :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මෙච්චර ඉක්මනට ප්‍රතිචාර දක්වයි කියලා හිතුවේ නැහැ. බොහොම අගය කරනවා!

      Delete
  9. Lankawe economy ekath ekka aluth suv ekakin offroad karanne seemitha pirisai. Kauda kemati koti ganak dila ganna wahane made danna. Anika lankawe goda denek suv ganne thamange status pennannai policiyata sadde dannai. Suv ekak use karanne mokatada kiyala awabodayak ne. For example mage yaluwekge ayya kenekuta 95 patrol ekak tiyenawa. U eka pawichchi karana widiha wahanetath awanambuwak. Btw no offense just my thought

    ReplyDelete
  10. Lankawe economy ekath ekka aluth suv ekakin offroad karanne seemitha pirisai. Kauda kemati koti ganak dila ganna wahane made danna. Anika lankawe goda denek suv ganne thamange status pennannai policiyata sadde dannai. Suv ekak use karanne mokatada kiyala awabodayak ne. For example mage yaluwekge ayya kenekuta 95 patrol ekak tiyenawa. U eka pawichchi karana widiha wahanetath awanambuwak. Btw no offense just my thought

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විධිමත් offroading සංස්කෘතියක් නැහැ නේ. මිනිස්සු බයයි ඉතින්. අනික් පැත්තෙන් SUV එක Status Symbol එකක් වෙලා තිබීම ගැන අපි කවුරුත් එකඟයි. ප්‍රශ්නේ තියෙන්නේ ඕක ඉතින් මෙහෙම බ්ලොග් එකක කතාකරන්න අමාරු එකයි. එතකොට ගොඩක් අය තරහ වෙනවා. :D

      Delete
  11. පැට්‍රෝල් උනත් ඩීසල් උනත් මම දන්න ජීප් එකක් නෑ බොල. ඒත් හැමදාම මගේ ආසාවක් තියෙනව ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් එකකට නං.

    ReplyDelete
    Replies
    1. මගෙත් තියන හීනයක්..

      Delete
    2. ගණන් ඇහුවම 'සිහිනය පුපුරා යන' එකනේ වැඩේ!

      Delete
    3. පූමා බොඩිය තියන ටිකක් පරණ එකක් හරි අවුලක් නෑ බං..අරං හදාගත්තොත් පරම්පරාවටම එකයි ආයෙ.

      Delete
  12. parana pajero palathsba ekakata winch, snockel mud tyres dala gaththama nismo patrol ekata wada gathi!!!!!!!!!!! AH NADDA????????????????????

    ReplyDelete
    Replies
    1. අපි දකින විදිහ අනුව සහ අපි ආසා විදිහ අනුව තමා අනූප. මම කොන්දේසි විරහිත ක්ලැසික් කාර් පිස්සෙක්, හැබැයි මම හොඳ අලුත් දේවල් වලට ඕපන්. මම ටියුනින් ඩිවිෂන් සංකල්පෙට ගොඩක් කැමතියි, ඒ නිසා නිස්මෝ එඩිෂන් එකට මම ආසයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  13. ela ela.. oya kiyana eka athatha aiye.. eth api okkoma wahana pissone!!!!!!!!!!!!

    ReplyDelete
  14. ඇස්වහක් කටවහක් නෑ, කමෙන්ට් හතලිස් නවයයි. වැඩියෙම කමෙන්ට් දාන එවුන්ට වීල් නට් එකක් ඩස්ට් කැප් එකක් වගේ තෑග්ගක්වත් දෙන්න ක්‍රමයක් හදාපංකො. එහෙම වුනත් පත්තරමල්ලිටයි මටයි හොඳයි.

    දැන් ඕන්න පනහ කලා. :)

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියලා තමයි මේක එක දෙක කාලෙත් ඉතින් පහ දහය කරලා දුන්නේ. අමතක නෑ ඒවා! :)

      Delete
    2. ඕ යේස්.. නිකනුත් රිෆ්‍රෙශ් කරල බලනවා මොකෝ පෝස්ට් එකේ තත්වෙ කියල..මේව අපේ තැං නෙවැ :D

      Delete
    3. අපේ තැනක් කිව්ව එක වටිනවා ඔක්කොටම වඩා!

      Delete
  15. Navara එක Y61 එක්කට මරු කරන්ඩ වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. නියමයි. ඔයා ආයේ කැබ් දිහා බලන එකක් නැහැ!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  16. අළුත් නිසාන් පැට්‍රොල් එකට මමත් ආසයි. ගාණ තමයි කිට්ටු කරන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ටිකක් පරණ එකක් අරන් හදාගන්න. 80 ගණන්වල ආපු එක ගති...

      Delete
  17. දිග පලල කිලෝමීටර් වලින් මනින්න පුලුවන් අර 80 දශකේ හතරැස් හයි රෑෆ් පැට්‍රොල් එකකට mud tire දාල ටිකක් උස්සල මොඩිෆයි කරාම එන ගැම්ම ටොයොටා වලත් නෑ කියල හිතෙන්නෙ මට විතරද බන්!!!

    ReplyDelete
    Replies
    1. මචං නිසාන් පැට්‍රොල් එකත් හොඳයි තමයි. හැබැයි ටොයොටා බී ජේ 80 ත් සුපිරිම වාහනයක් තමයි. බී ජේ සීරීස් එකම් මුල ඉඳන් ම එලම තමයි. 40 ය , 60 , 70ය කොයි එක ගත්තත් එහෙම තමයි.

      Delete
  18. පත්තර මල්ලි මට දවසක් කිව්වා යකා මුණ පෙජරෝ එකකට අසයි කියලා

    ReplyDelete
  19. මචං ඔය නිස්සන් පැට්‍රොල් 160 ක පොඩි කේස් එකක් තියෙනවා. ඕකට තියෙන්නෙ
    එස් ඩී 33 කියන 3300 සී සී එන්ජිමනේ. කරුමෙට ඔය එන්ජිමට තියෙන්නේ මේන් බෙයරිං හතරයි. ඒ නිසාම ඇඹරුමට ක්‍රෑන්ක් එකේ කැඩෙනවා. කැඩුනොත් දෙයියන්ගෙම පිහිටයි - අම්ම මුත්තා කිව්වත් හොයලා බොරු! හැබයි පස්සෙ ආපු වයි 60 ට ආපු ටී ඩී 42 එකට නම් හෙනවත් නෑ. ඒකට මෑඅන් බෙයරිං හතක් තියෙන නිසා සුපිරිම සුපිරි. අර් ඩී 28 එකත් අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් කෙනෙක් අලුත් කාර් බ්ලොග් එකට ගොඩවෙලා... ස්තූතියි...

      Delete
  20. නිසාන් පෙට්ට්‍රල් කියන්නෙ off road වලට ආස කරන හැමෝග්‍ර්ම හීනයක්නෙ, ඒත් ඊට වඩා land cruiser 70 (box prado) එකට පිස්සු වැටිල ඉන්නෙ මං විතරද?

    ReplyDelete