Thursday, July 7, 2016

වයිපරෙත් ඩිවෝස් වුණා බ්‍රෝ!



අසූ ගණන්වල සහ අනූ ගණන්වල මුල අවධියේ දරුවන්ට වයිපර් එකක් කියන්නේ වාහනවල වීදුරුවේ වතුර ඉවත් කරන උපාංගයකට වඩා අපරාධ කාරයන්ට රම්පෙට පොරි හැලෙන්න නෙළන කාර් එකක්. ඒ 'වයිපර්' ටීවී සීරීස් එක නිසා.

වයිපර් ටීවී සීරීස් එක ලංකාවේ විකාශය වුණු කාලය මොකක්ද කියන එක මට හරියට මතක නැහැ. මගේ මතකයේ හැටියට ඒක විකාශය වුණේ ITN එකේ (මම වැරදි නම් මාව නිවැරදි කරන්න). නයිට් රයිඩර් එකට වඩා සෑහෙන නවීන ගතියක් ඒකෙ දැනුණා මට මතකයි. 

ඒ දවස්වල මම එච්චර (නෙමෙයි මම හිතන්නේ කොහොමවත්ම) බටහිර රූපවාහිනී මාලා නාටක බලලා තිබුණේ නැහැ. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ අපි නොඅහපු වචනයක්. පොදුවේ කාටත් ලබාගන්න පුළුවන් සේවාවක් විදිහට චන්ද්‍රිකා රූපවාහිනී සේවාවක් තිබ්බෙත් නැහැ. ඉතිං රහක් ඇති දේකට කියල අපට බලන්න ලැබුණේ රූපවාහිනියේ හෝ ITN එකේ හඬකැවීම් අංශවලින් පෙරිලා ආපු දෙයක් දෙකක් විතරයි (ඒ දවස්වල එදිනෙදා ව්‍යවහාරය බය නැතුව හඬකැවීම්වල භාවිතා කරන්න පුළුවන් වුණු නිසා අපි යාළුවොත් එක්ක කතාකරන විදිහටම කාටුන් සහ නාට්‍ය චරිතත් අනිත් අයත් එක්ක කතා කළා. දැන් වගේ 'ළමයින්ට සුදුසු භාෂා ව්‍යවහාරය' වගේ, ළමයි ගැන මෙලෝ හසරක් නොදන්නා හිපාටුවෝ දාපු නීතිරීති ඒ කාලේ තියෙන්න නැතුව ඇති. නැත්නම් ටයි මාමා ඒවා ගණන් ගන්න නැතුව ඇති. මම දන්නා තරමින් ටයි මාමා වැඩකරන අවකාශය ඇතුළේ ඉතාමත් සැරපරුෂ කෙනෙක්. නමුත් මේක තහවුරු කරන්න විදිහක් මට නැහැ).

ඩොජ් වයිපර් එක අපේ ඔළුවට කා වැදුණේ 1994 දී ආරම්භ වුණු වයිපර් ටීවී සීරීස් එක නිසා. සමහර විට ඉහළ සමාජ පන්තිවල අය මේ ගැන හොඳට දැනගෙන ඉන්න ඇති. නමුත් මැද හා පහළ පන්තිවල අපට දැනුම ආවේ එක එක ෆිල්ටර් සිස්ටම්වලින් පෙරිලා. ඒ නිසා වයිපර් එක අපට සෑහෙන කාලයක් යනකල් කල්පිත සත්ත්වයෙක් වගේ දෙයක් වුණා.මේ කතා මාලාවේ තිබුණු වයිපර් එකේ විශේෂත්වය තමයි ඒක කාර් එක හදන ක්‍රයිස්ලර් සමාගමෙන්ම මොඩිෆයි කරපු එකක් වීම. සාමාන්‍යයෙන් ටීවී සීරීස් එකක් වගේ දේකට අවශ්‍ය වන කාර් මොඩිෆයි කරන්නේ ඒවායේ නිෂ්පාදන කණ්ඩායමට අයිති ඩිසයිනර්ලා සහ මිකැනික්ලා වගේ අය. නමුත් මේක සමාගමෙන්ම හදලා දුන්නා කියලයි කියන්නේ. 

කතා මාලාවේ තිබිච්ච වයිපරේ
සාමාන්‍ය ඩොජ් වයිපර් එක ඉස්සරලාම දැක්ක දවසේ මට හිතුණේ යකෝ මේක ඩිසයින් කරපු එවුන්ට හරිහමන් ලයිට් දෙකක් හොයාගන්න බැරිවුණාද කියලා. මගේ ඇහැට අනුව 1992 ඩොජ් වයිපර් එකේ ලයිට් දෙක පුදුම විදිහට කැතයි. ඒක හරියට පස්සේ ආපු සුබාරු WRX කාර් වල ආපු රවුම් ලයිට් දෙක තරමට කැතයි (මේක මගේ ඇහැට පේන විදිහ. කවුරුවත් මම හිතන විදහට හිතන්න ඕනේ කියලා නියමයක් නැහැ). 2014 අප්‍රේල් මාසෙදි රෝඩ් ඇන්ඩ් ට්‍රැක් කියන වෙබ් සයිට් එකට ඩොජ් වයිපර් එක ගැන ලිපියක් ලියපු රොන් සෙෂන්ස් කියනවා 1992 ඩොජ් වයිපරේට තියෙන්නේ ඈත දුරක ඉඳන් ස්ටික්ස් ගංගාවේ පීනගෙන පීනගෙන පීනගෙන පීනගෙන පීනගෙන ආපු සතෙක් වගේ පෙනුමක් කියලා (අවධාරණය මගේ). 

නමුත් ඩොජ් වයිපර් එක කියන්නේ කාර් ගැන ඇමරිකානු හර්ද සාක්ෂිය යළි ඉපදීමක්. පවර්ෆුල්, පත සයිස්, ඝෝසාව දාන, දකින අයව බයකරන්න පුළුවන්, හැබැයි සාපේක්ෂව අඩුවට ගන්න පුළුවන් කාර් තමයි ඇමරිකන් මසල් කාර්.
 
ඇමරිකන් මසල් සහ සද්දේ

ඩොජ් වයිපර් එක මෙලොවට බිහිවුණේ ඇමරිකන් මසල් කාර් එකේ පුනරුප්පත්තියක් විදිහට (ලංකාවේ වුණානං අර කර්මඵල ගැන ලංකාදීපෙට ලියන පිං+ව්+අන්තයෝ ටික වයිපර් එකත් වටකරගන්නවා). කොහොම වුණත් ඩොජ් වයිපර් එක මසල් කාර් එකක්ද නැත්නම් සුපර් කාර් එකක්ද කියන එක ගැන විවාදයක් තියෙනවා. සීරියස් මසල් කාර් ෆෑන්ස් ලා තර්ක කරන්නේ මසල් කාර් කියන්නේ V8 එන්ජින් තියෙන ඒවට විතරයි කියලා. අනික වයිපරේ එහෙම අඩුවට ගන්න පුළුවන් කාර් එකක් වුණෙත් නැහැ. 5 වෙනි ජෙනරේෂන් එකේ කාර් එකේ මිල තිබුණේ ඩොලර් 97,395 - 120,395 රේන්ජ් එකේ.


මේ පහළ තියෙන්නේ පළවෙනි ජෙනරේෂන් එකේ වයිපරේ මූලික විස්තර ටික. 

එන්ජිම:
8.0 L (488.2 cu in) V10
400 hp (298 kW)
465 ft lbf (630 Nm) 

 
පර්ෆෝමන්ස්:

0-60: 4.5 sec
0-100: 10.0 sec
1/4 mile: 12.5 sec @ 120 mph (193 km/h)
Top speed: +180 mph (290 km/h)


මේ පහළ තියෙන්නේ 5 වෙනි ජෙනරේෂන් එකේ, ඒ කියන්නේ 2013 ඉඳන් ඉදිරයට ආපු වයිපරේ විස්තර. 

එන්ජිම: 
Engine:  8.4L  V-10,  (512 cu in.)
 640 hp @ 6150 rpm   ( 2015 න් පස්සේ 645hp)
605 lb-ft


පර්ෆෝමන්ස්:
0-60: 3.0 sec
Top speed: 202 mph  (325 km/h)


(මූලික තොරතුරු ගත්තේ 'ද වයිපර් ස්ටෝර්' වෙබ් එකෙන්. පහළ තියන අපූරු ආර්ට්වර්ක් එකත් එයාලගේ. ටොප් ස්පීඩ් එක වගේ තොරතුරුවල පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. මේක වයිපර් එකේ චන්ඩිකම් ගැන අවබෝධයක් ගන්න විතරයි දාන්නේ).  

වයිපරේ විකාශනේ

අලුත් වයිපර් එකට මූලික ආභාෂය සැපයුවේ ෂෙල්බි මස්ටෑන්ග් එක කියලයි කියන්නේ. 1989 North American International Auto Show එකේදී මුලින්ම මේකේ කන්සෙප්ට් එක එළිදැක්වූවා. මුල්ම ප්‍රඩක්ෂන් කාර් එක මාකට් ආවේ 1992 දී. ඒ 8l 400bhp (ලැම්බෝගිනි ටියුන් කරපු) V10 එන්ජිමක්  එක්ක. එදා ඉඳන් 1992-2010 සහ 2012-2017 කියලා අදියර දෙකකට විවිධ මාදිලිවල වයිපර් වෙළඳපොළට ආවා (2011 මොඩ්ල් ඉයර් එකට කාර් එකක් ආවේ නැහැ).


වයිපර් ඇඩ් එකක්
හදිසියේම ඩොජ් වයිපර් එක ගැන ලියන්න හිතුණේ ලබන අවුරුද්දෙන් පස්සේ ආයේ මේ නූතන සරදියෙල් අලුතින් මාකට් එකට එන්නේ නෑ කියලා ආරංචි වුණු හින්දයි.

මගේ හීන ගරාජ් එක ඇතුළේ වයිපරයක් තිබ්බේ නැහැ. මගේ හීන ගරාජ් එකේ ෂෙවී බෙල් එයාර් එකට පිටිපස්සෙන් සහ ප්ලිමත් බැරකූඩා එකට ඉස්සරහින් අලුත් මස්ටෑං එකකුයි කෝවෙට් එකකුයි පාක් කරලා තියනවා. නමුත් මගේ හීන නේබර්හුඩ් එකේ වත් වයිපර් එකක් තිබුණේ නැහැ.

ඒ වුණාට වයිපර් එක අතීතයේ ප්‍රේම කතාවක් බවට පත්වෙන්න ආසන්නයි කියලා දැනුණාම හීන් දුකක් හිතට ආවා. වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් කියලා සුනිල් එදිරිසිංහ කියලා ෆෝමියුලා වන් ඩ්‍රයිවර් කෙනෙක් කියලා තියනවා...

අවසාන වශයෙන් ඩොජ් වයිපර් එකේ 25 වෙනි උපන්දිනේ සමරන්න special edition කාර් 28 ක් හදනවා කියලා සමාගම කිව්වා. කියලා කටගන්න හම්බවුණේ නැහැ. විනාඩි 40 ක් ඇතුළත කාර් ටිකට ඕඩර් සෙට් වෙලා ඉවර වුණා.  මේ ගැන හොඳ ලිපියක් CNN එකෙත් තියනවා. දැම්මම හොට දැම්මොත් එයාලගේ main page එකෙන්ම ඕක ඩැහැගන්න පුළුවන්. 

අන්තිම edition එක ගැන කතාකරද්දී බොහෝවිට පාවිච්චි වෙලා තිබුණු පින්තූරේ මේකයි.

ලෝකේ iconic වාහන මෙහෙම එකින් එක අවසන් වෙනවා දකින එක හිතට ලොකු දුකක්. ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් එක මෑතකදී සමුගත්තාමත් ඩිෆෙන්ඩර් ෆෑන්ස්ලාට ලොකු දුකක් දැනෙන්න ඇති. දැන් වයිපර් එකත් යන්න යනවා. මේ විදිහට කාර් සංස්කෘතිය ලයිව් විදිහට පවත්වගන්න දත කාගෙන උරදීපු, සාමාන්‍යයෙන් කෙනෙකුට සුපර් කාර් ගන්න අවශ්‍ය වෙන තරමටම ශරීරයේ අවයව විකුණන්නේ නැතුව ගන්න පුළුවන් මේන්ස්ට්‍රීම් කාර් එකින් එක යන්න යයි.

අපි හැමෝම පොල් ගාන මැෂින්වල තියන මෝටර් වලින් දුවන ලෙඩ සපත්තු සහ කාඩ්බෝඩ් පෙට්ටි එළවන කාලයක් උදාවෙයි...

එදා සෙනෙහෙන් නොබැඳුණා නම් මෙදා වියොවක් නෑ...


www.facebook.com/CarPissuwa

24 comments:

  1. අනිවාර්යයෙන් අපි පොල්ගාන මැෂින් වල තියන මෝට්ර් වලින් දුවන කාර් වලට යන්න ඕනා....ඒක තමයි අනාගතේ, ඒක තමයි ඉදිරි පැවත්ම...

    මට වයිපර් කතාමාලාව එච්චර නෝට් නෑ.. ටීවී එකේ ගියා වගේ මතකයි ඒත් නයිට් රයිඩර් වගේ උනන්දුවෙන් බැලුවේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක අනාගතේ නෙවෙයි, ඒක phase එකක් විතරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! අර අපි පරිණත වුණාම හැරිලා බලලා ලජ්ජා වෙන phase එකක්. ප්‍රතිචාරයට ස්තුතියි සෙන්නා, ගොඩක් වටිනවා!

      Delete
    2. ඇයි එහෙම කියන්නෙ ! හැමදාම තෙල් පුච්ච පුච්ච පරිසරය කාබාසිනියා කරණ කාර් වලම යන්නද ? පරිසර හිතකාමී වාහන වලට යන එකේ වැ‍රැද්ද මොකක්ද ?

      Delete
    3. ගෝනි තියෙද්දී ඩෙනිම් අඳින්නේ ඇයි අපි?

      Delete
    4. පොල් ගාන මැෂින් වල මෝටර් තියන කාර් එකකට මාත් යනවා ටිකක් හරි driving pleasure එකක් තියනවා නම්. මට නම් කාර් එකක් කියන්නෙ A වල ඉඳන් B වලට යන්න තියන තවත් මොකක් හරි එකක් නෙමේ. ඒක ටැක්සියක් අරන් යන්නත් පුලුවන්.

      ඒ නිසා පුලුවන් කාලයක් දැන් තියන මැනුවල් ගියර් පරණ කාර් එක පදිනවා. :D ඉඳලා හිටලා කැඩුනත් ඒකෙ කොහෙහරි යනකොට මට තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙන නිසා.

      Delete
    5. ඔය තියෙන්නේ! ඔන්න ඕක තමයි පොයින්ට් එක. නියමයි බිම්සර!

      Delete
  2. සල්ලි නං ප්‍රශ්නයක් නෑ ඕක පාක් කරන්න ගැරෙජ් එකේ ඉඩ මදි එකයි අවුල.. එකෙන්ම !!

    ReplyDelete
    Replies
    1. අරගෙන මට දෙන්න පත්තර මල්ලි. ගේ කඩලා ගරාජ් එකක් හදනවා මී ඇස්දෙක පල්ල!

      Delete
  3. මම හිතන්නෙ වයිපර් ලංකාවෙ ටීවී එකේ පෙන්නුවෙ අනූගනං වල අග භාගෙ. මට මතක ඒ වගෙ. ඒක මෙහෙමයි. ඕක බැලුවෙ අපි කොයි ගෙදර ඉඳගෙනද කියලා කල්පනා කරනකොට තමයි ඒක හරියට සෙට් වෙන්නෙ. :D ඒකෙන් අදහස් වෙන්නෙ අපිට රම්‍ය සුරම්‍ය සුභ වගේ ගෙවල් ගනනාවක් තිබුනා කියලා. අපි කුලියට හිටපු ගෙවල්, ක්වාර්ටර්ස් යනාදී වශයෙන් අනුන්ගෙ ගෙවල් තිබුනා.

    ඩොජ් වයිපර් එකක් තිබ්බා Wanted මූවී එකේ මට මතකයි.

    මස්ල් කාර් වලින් කොමන්ම එක තමයි ෆෝඩ් මස්ටෑං මම හිතන්නෙ. ෆෝඩ් මස්ටෑං රඟපාන මූවීස් බර තොගයක් තියෙනවා. ෂෙල්බි මස්ටෑං එකක් රඟ පෑවා ඊතන් හෝක් සෙලීනා ගෝමස් හිටපු Getaway වගේ නමක් තිබ්බ මූවී එකක. එතකොට අර පිස්සු හුටංලා දෙන්නෙක් එක්ක මස්ල් කාර් එකක් තියෙන ප්‍රසිද්ද කතාව මොකක්ද? මට ඒක ඔලුවට එන්නේ නෑ. Fast @ Furious නෙවෙයි. The someones of Something වගෙ. මතක් වුනාම කියන්නම්.

    වැනිෂිං පොයින්ට් බලලා තියෙනවද තරිඳු? ඒකත් ඩොජ් කාර් එකක් ගැන හදපු ක්ලැසික් ‍ෆිල්ම් එකක්. ඒකෙ ඉන්නවා කෙල්ලෙක් ඇඳුම් නැතුව මෝටර් බයික් එකක් පදින. අවුරුදු ගානකට පස්සෙත් ඒ නිළියව මං ඇතුලු සුවහසක් ප්‍රේක්ෂකයන්ට මතක තියෙන්නෙ නමින් නෙවෙයි. අර වැනිෂිං පොයින්ට් එකේ හෙලුවෙන් බයික් එක පැද්ද එකී හැටියට>

    ReplyDelete
    Replies
    1. විස්තරේට බොහොම ස්තුතියි ඩූඩ්. මට ෆිල්ම් බැලෙන්නේ බොහොම කලාතුරකින්. නැත්තං Mustang එකේ නම ඉතිහාසේ රන් අකුරින් ලියපු Steve McQueen ගේ ෆිල්ම්ස් ටික බලන්න ලොකු වුවමනාවක් තියනවා මට. මම හර්බි මූවීස් ටික බලාගත්තෙත් හෙන ගේමක් දීලා. ටීවී සීරීස් නං කට ඇරගෙන බලනවා පුළුපුළුවන් වෙලාවට :D

      Delete
  4. This dude This dude lives in a converted filling station. One day you might want to do that.

    ReplyDelete
    Replies
    1. Here I used that code I gave you to embed the link. Unfortunately I copied and pasted "This dude" instead of cutting and pasting, which explains repetition.

      Delete
  5. වයිපර් ගියේ ITN එකේ නෙමෙයි මං හිතන්නේ සිරසෙද කොහෙද මොකද ITN එකේ ගියානං අනිවාර්යයෙන් මං බලල තියෙන්න ඕන.මම එතකොට ඉස්කෝලෙ යනවා අපේ ගෙදර තිබුණේ VHF විතරක් තියන කළු/සුදු ටී.වී එකක් ඒක නිසා බලන්න ලැබුණේ නෑ, දැනං හිටියේ යාළුවෝ කියපු ඒවා තමයි.

    ReplyDelete
    Replies
    1. ඕක යන කාලේ වෙද්දී සිරස වැඩ දාන්න පුළුවන් මට්ටමක හිටියේ නෑ මම හිතන්නේ. හොයල බලන්නම් හසිත. බොහොම ස්තුතියි!

      Delete
    2. නැ itn එකේ ගියේ 90 අග බාගයේ

      Delete
    3. ඔය තියෙන්නේ! ආචාර්ය තුමා දෙයියෙක්!

      Delete
    4. යා යා ... ඔය කාර් එකෙ පින්තුර අඳිනවා එ දවස්වල අහුවෙන අහුවෙන කොලේ

      Delete
  6. යාන්තම් සෙල්ලම් කාර් එකක් තල්ලු කරගන්න පුලුවන් වෙච්ච කාලෙ ඉඳන් හීනෙන් දැක්කෙ වෛපරෙයි ඉවෝ එකයි...දැන් හීනෙන් දකින්නෙ ස්කයි ලයින් එකයි මස්ටෑං එකයි...අන්තිමට ගත්තෙ නිසාන් ආර් ඉසෙඩ් වන් එකක්....ඔන්න ඔහොමයි අපෙ කාර් පිස්සුව...
    කැ‍රැක්ටර්ලෙස් කියල කෝචොක් එක දානව එහෙම නෙමේයි

    ReplyDelete
  7. උබ මගේ පිස්සුව වැඩි කරනවා

    ReplyDelete
  8. නයිට් රයිඩර් ට පස්සෙ ආපු නියම කතාවක් තමයි වයිපර්...ඕක ගියේ 2000-2003 අතර...ලෝකෙට ඕන තරම් වාහන ඒවි...හැබැයි නයිට් රයිඩර් විදියට ආපු Pontiac Trans AM එක තමයි හැමදාමත් මගේ හීනය....

    ReplyDelete