Friday, August 19, 2016

හයිවේ නෙවේ දාපන් ඕක වැවේ (ලෑන්ඩ් රෝවර් ඉස්ටෝරිය)

 
ලෑන්ඩ් රෝවර් අයිතිකාරයන්ගෙන් ලෑන්ඩ්රෝවර් ගැන අහන්න යන එක නිකං ආත්තම්මලාගෙන් කොන්ඩ කැවුම් හදන හැටි අහනවා වගේ සීන් එකක්. ඒ කියන්නේ දැනුම, පණ්ඩිතකම, දුක, ආදරය, අතීතය ගැන වේදනාව, ඇසූ පිරූ තැන් ඇති බව සහ සංසාර ගමනේ කම්කටොළු වගේ සේරම දේවල් ඔය දෙගොල්ලන්ගෙන්ම අහගන්න පුළුවන්.

හැබැයි කොන්ඩ කැවුම් වල වරදක් කිව්වොත් ආත්තම්මා දූපිය මෙතනිං කියලා නිකං ඉඳී. හැබැයි ලෑන්ඩ් රෝවර් කාරයන්ට ලෑන්ඩ් රෝවර් ගැන ජෝක් එකක් දැම්මොත් ඉතිං විනාඩි දෙකතුනක් ඇතුළත ලයිව් ඇට් එයිට් එකෙන් ජෝක් එක දාපු එකාගේ මළගෙදරට එයි, ගෙදර මිනිස්සු අඬන හැටි වීඩියෝ කරලා පෙන්නන්න.



සාමාන්‍යයෙන් එච්චරම දැවිල්ල සහ මූලග්ගාය නැති ලෑන්ඩ් රෝවර් කාරයින්ගෙන් මම නිකමට වගේ අහලා තියනවා, ලෑන්ඩ් රෝවර් එක බිහිවුණේ කාව ඉලක්ක කරගෙනද, මොන අරමුණකටද කියලා. එයාලා හැමෝම කිව්වේ ඉතිං දුෂ්කර මාවත්වල යන්න අවශ්‍ය අයට, ජීවිතයේ සතුට සොයාගෙන වීර ක්‍රියාවල යෙදෙන අයට, මහද්වීප ගවේෂණය කරන්න පුලපුලා බලා හිටපු අයට වගේ චන්ද්‍ර මණ්ඩල ටෝක්. මේකට එක හේතුවක් තමයි Oxford and Cambridge Trans-Africa Expedition සහ The Oxford and Cambridge Far Eastern Expedition වගේ චාරිකා ගැන මෙයාලා අහලා තියන කතා. මේ දෙකේදීම වුණේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල දෙකේ ශිෂ්‍යයෝ ලෑන්ඩ් රෝවර් අරගෙන මහද්වීප හරහා හැතැම්ම දාස් ගාණක සංචාර වල යෙදීම. ඒ කාලේ හැටියට මෙහෙම දෙයක් කරනවා කියන්නේ අද වගේ ආතල් එකේ අඩියෙන් අඩියට සෙල්ෆි ගහගහ, ෆේස්බුක් ට්විටර් දදා, අධිෂ්ඨානය ධෛර්යය ධනාත්මක චින්තනය ගැන බයිලා වෙන්දේසි දදා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වගේම ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, කෲස් කන්ට්‍රෝල්, ටෙරේන් රෙස්පොන්ස් වගේ තාක්ෂණික සීනිබෝල ඒ කාලේ තිබුණෙත් නැහැ. ඒ නිසා මේක ලෑන්ඩ් රෝවර් එක හෙනම ටෆ් වාහනයක් විදිහට ජනප්‍රිය කරවන්න ගොඩක් හේතු වුණා. 

හැබැයි මොනවා වුණත් මුල් කාලේ ලෑන්ඩ් රෝවර් දැන්වීම් වලට අනුව නම්, ලෑන්ඩ් රෝවර් එක හඳුන්වලා දීලා තියෙන්නේ ගොවියන්ට අශ්වයෝ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්, අශ්වයන්ට වඩා ටිකක් ප්‍රයෝජනවත් මැෂින් එකක් විදිහට.

ඒ කියන්නේ ට්‍රැක්ටරයක් විදිහට...

ඔහොම කිව්වා කියලා එකෙක් මාව ෆේස්බුක් එකෙන් අන්ෆ්රෙන්ඩ් කළා.

ඕක අපහාසයක් නෙමෙයි කියන එක කනකට ගන්නේ කලාතුරකින් කෙනෙක්. ලෑන්ඩ් රෝවර් එකේ ප්‍රොටෝටයිප් එකට කියන්නේ සෙන්ටර් ස්ටියර් කියලා. ඒ කියන්නේ ඒකෙ ස්ටියරින් වීල් එක තිබ්බේ මැද. 

ඒ කියන්නේ මොකක් වගේද? 

අන්න හරි ළමයි... ට්‍රැක්ටරයක් වගේ... 


ලෑන්ඩ් රෝවර් එක බිහිවුණේ කාලීන අවශ්‍යතාවක් නිසා. දෙවෙනි ලෝක යුද්ධේ ඉවර වෙද්දී එංගලන්තේ කාටවත් සැපපහසු කාර් ගන්න වුවමනාවක් වත්, ආර්ථික හැකියාවක් වත් තිබ්බේ නැහැ. ඉතිං රෝවර් සමාගම නන්නත්තාර වෙන්න ඔන්න මෙන්න හිටියේ. රෝවර් සමාගමේ chief designer වුණු මොරිස් විල්ක්ස් ට තිබුණා යුද්ධ කාලෙන් ඉතුරු වෙච්ච විලිස් ජීප් එකක්. මෙයා මේ ජීප් එකට බොහොම ආසාවෙන් හිටියලු. නමුත් මේක කැඩුණු දවසට තුන්වරක් හුටා තමා කියලත් එයා දැනගෙන ඉඳලා තියනවා.

ඉතින් මේක බේස් කරගෙන එයා 1947 දී අලුත් වාහනේකට සැලසුමක් ඇන්දා. මෙයාගේ සහෝදරයා තමයි ස්පෙන්සර් විල්ක්ස්. එයා තමයි එතකොට රෝවර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ. ඉතින් මේ දෙන්නා එකතු වෙලා, කවුරු හරි යන්තං හරි ගෑවුනොත් හිල්වෙලා යන තරම් උල් දාර අහුකොන් තියන වාහනයක් නිර්මාණය කළා.






හැබැයි මේක 1948 ඇම්ස්ටර්ඩෑම් මෝටර් ෂෝ එකේදී හිට් වුණා. වැඩේ කොච්චර හිට් වුණාද කියනවා නම් 1951 වෙද්දී රෝවර් එකේ සාමාන්‍ය වාහන එකක් විකිණෙද්දී ලෑන්ඩ් රෝවර් දෙකක් විකිණෙන තරමට වැඩේ ජනප්‍රිය වුණා. Series 1 එකේ තිබුණේ 1.6 ලීටර් එන්ජිමක්. මේ තියෙන්නේ Series 1 එකේ සාමාන්‍ය ස්පෙක්ස් ලිස්ට් එකක්.


  • Land-Rover, model year 1950, version for Europe North America worldwide
  • 2-door soft-top body type
  • 4x4 semi-full-time (over-run freewheel unit in front drive with manual lock in transfer low ratio), transfer case 2.89/1.15, manual 4-speed gearbox
  • petrol (gasoline) engine with displacement: 1593 cm3 / 97.4 cui, advertised power: 37.5 41 kW / 50 55 hp / 51 56 PS ( net gross ), Torque net: 108 Nm / 80 lb-ft
  • characteristic dimensions: outside length: 3353 mm / 132 in, wheelbase: 2032 mm / 80 in
  • reference weights: base curb weight: 1181 kg / 2604 lbs, gross weight GVWR: 1829 kg / 4032 lbs
  • top speed: 98 km/h (61 mph) (theoretical);
  • accelerations: 0- 60 mph 87.1 s; 0- 100 km/h s (simulation ©automobile-catalog.com); 1/4 mile drag time (402 m) 25 s (simulation ©automobile-catalog.com)


Series II එක හඳුන්වලා දුන්නේ 1958 දී. ඒ වෙද්දී ලෑන්ඩ් රෝවර් එක නිකම්ම අස්සයා පෙන්ෂන් යවන්න ආපු යන්තරේ වෙනුවට පවුලේ කාටත් ඕන තැනක යන්න පුළුවන් වාහනයක් විදිහට establish වෙමින් තිබුණේ. මේ නිසා පවුලේ කාටත් හරියන, ටිකක් විතර civilized වාහනයක් විදිහට, අර ගෑවුණත් හිල් වෙන අහුකොන් ටික පොඩ්ඩක් රවුම් කරලා, තාක්ෂණෙත් පොඩ්ඩ පොඩ්ඩ දියුණු කරලා Series 2 එක ආවා.








  • 4x4 part-time (rear permanent, front engaged manually in off-road conditions), transfer case 2.89/1.15, manual 4-speed gearbox
  • petrol (gasoline) engine with displacement: 1997 cm3 / 121.5 cui, advertised power: 39 43.5 kW / 52 58 hp / 53 59 PS ( net gross ), Torque net: 137 Nm / 101 lb-ft
  • characteristic dimensions: outside length: 3620 mm / 142.5 in, wheelbase: 2235 mm / 88 in
  • reference weights: base curb weight: 1315 kg / 2899 lbs
  • how fast is this car ? top speed: 95 km/h (59 mph) (theoretical);
  • accelerations: 0- 60 mph s; 0- 100 km/h s (simulation ©automobile-catalog.com); 1/4 mile drag time (402 m) 24.9 s (simulation ©automobile-catalog.com)
  •  

    Series II තියන කාලේ තව තව මොඩ්ල්ස් ගොඩකුත් ආවා. ඒවා ගැන නම් පොතක් ලියන්න තරම් දේවල් තියනවා. මම ලාවට Forward Control එක විතරක් මතක් කරන්නම්. ලංකාවේ ඉන්දික ගාවද කොහෙද ඒකක් තියන නිසා සහ ලංකාවේ මිනිස්සු ඕක කොහේ හරි දැක්ක වෙලේ ඉඳන් මහසෝනා දැක්කා වගේ තෝන්තුවාවෙන් සතියක් විතර ඉන්ටනෙට් එක ඇතුළේ විලාප තියතිය දුවන නිසා ඒක ගැන විතරක් පොඩ්ඩක් කියන්නං.

    Forward Control එක ආවේ 1962 අවුරුද්දේදී. ඕකට Forward Control කියලා කියන්නේ ඩ්‍රයිව් කරන පුද්ගලයා ඉන්න තැන- ඒ කියන්නේ කැබින් එක- ෆ්‍රේම් එකේ ඉස්සරහින්ම පිහිටලා තියන නිසා. එහෙම කළේ වැඩි ලෝඩ් එකක් පටවන්න පුළුවන් වෙන්න. වාහනේ ගොඩක් බර නිසා මේවායේ මුලින් තිබුණු එන්ජිමට වාහනේ අදින්න අමාරු වුණා කියලා තමයි කියන්නේ. පස්සේ ආපු වැඩිදියුණු කිරීම් එක්ක වැඩි පවර් එකක් තියන එන්ජින් මේකට ආවා. මේවා 2,500ක් විතර තමයි මාකට් එකට ආවා කියන්නේ. මේක අනිත් ලෑන්ඩ් රෝවර් වාහන වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වගේ පෙනුණට 75% ක්ම ඒ වාහන වල කොටස් මේකට භාවිතා වෙලා තියනවා.





    Series IIA එක ගැන මම කතාකරන්නේ නැහැ, මොකද 2.25 ඩීසල් එන්ජිම සහ පස්සේ 2.6 පෙට්‍රල් එන්ජිම හඳුන්වලා දීම ඇරුණම, මේ වගේ පොඩි ලිපියකින් කතාකරන්න තරම් වෙනසක් ඒ සීරීස් එකේ තිබුණේ නැති නිසා. ඒ නිසා කෙළින්ම අපි Series III එකට යමු.

    Series III  එක ගැන අධ්‍යයනය කරන්න මම බලපු වීඩියෝ එකක සහ කියවපු පොතක අපූරු කතාවක් තිබුණ. ඒ තමයි සමහර ලෑන්ඩ් රෝවර් ලෝලියෝ සීරීස් 3 එක අවසාන සැබෑ ලෑන්ඩ් රෝවර් එක කියලා සලකනවා කියලා. මේකට පස්සේ තමයි 90 සහ 110 එක්ක  අර ලංකාවේ රෝද හතරේ තුම්මුල්ලේ පද්මේ වෙන ඩිෆෙන්ඩර් එක ආවේ. සමහරු අර විදිහට හිතන්න එක හේතුවක් තමයි ඩිෆෙන්ඩර් එක පරණ ලෑන්ඩ් රෝවර් වගේ සරල පෙනුමෙන් එහා ගිය aggressive පෙනුමක් තිබීම. 

    1971 ඉඳන් 1985 වගේ වෙනකල් Series III එකේ ලෑන්ඩ් රෝවර් 440,000 ක් විතර හැදුවා කියලා තමයි කියන්නේ. ඒ නිසා Series III එකක් හොයාගන්න අමාරු නැහැ. Series III එක ඊට කලින් ඒවට වඩා වැඩිපුර ප්‍රැක්ටිකල්. කාලෙත් එක්ක තාක්ෂණය දියුණු වෙනකොට වාහනවල බලය, පහසුව සහ හැසිරවීමේ හැකියාව වගේ දේවල් දියුණු වෙන එක පුදුමයක් නෙමෙයි. අනික Series III එකේදී තමයි පළවෙනි වතාවට ඉස්සරහ ගියර් හැම එකටම Syncromesh ආවේ.



    මමත් ක්ලැසික් ලෝලියෙක් නිසා මමත් විශ්වාස කරනවා ලෑන්ඩ් රෝවර් එකේ සරල, අහිංසක සහ ප්‍රයෝජනවත් බව කැටිකරගත්තු අවසාන සීරීස් එක Series III එක කියලා. ඒ නිසා ඩිෆෙන්ඩර් කන්වර්ට් වගේ කතා ඇහෙනකොට මට නිකං අනුෂ්කා ශර්මා ගේ ප්ලාස්ටික් සර්ජරි එක ගැන අහපු වෙලාවේ දැනුණු දුක වගේ දුකක් දැනෙනවා.  

    කාට හරි ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියන නිසා Series III එකේ specs ටිකක් විස්තර සහිතව මෙතන දානවා.
    Series III (88in model) 1971 - 1985
    Engine           4-cylinder 90.47 x 88.9mm 2286cc CR 8:1
                     Zenith Carb. 70 bhp (DIN) at 4000rpm
                     Max. torque 120 lb/ft at 1500rpm
    Transmission     Optional 4-wheel or rear wheel drive.
                     Front and rear diferentials
                     High and low range of gears
                     Axle ratios 4.7:1 
                     High range step down ratio 1.148:1 ;
                     Overall gear ratios 5.396, 8.05, 12.00, 19.88 :1
                     Reverse 21.66:1
                     15.1 mph/1000rpm in top gear
                     Low range step down ratio 2.35:1 ; 
                     Overall ratios 11.10, 16.50, 24.60, 40.70 :1
                     Reverse 44.30:1.
                     7.4 mph/1000rpm in top gear
                     Fully syncromesh gears.
    Suspention and brakes
                     Live front axle, half ellipic leaf springs, telescopic dampers,
                     live rear axle, half ellipic leaf springs, telescopic dampers,
                     Recirclating ballnut steering.
                     10 x 1.5in front and rear drum brakes
                     6.00 - 16in tyres
    Dimentions       Wheelbase 7ft 4in (88in)
                     Front and rear track 4ft 3.5in
                     Length 11ft 10.4in
                     Width 5ft 4in
                     Height (Max) 6ft 5in
                     Unladen weight from 2953 lbs
                     Max. allowable vehicle weight 4453 lbs

    Series IIIb (109in model) 1971 - 1985
    Specs as for 88in model except for,
    Transmission     16.5 mph/1000rpm in top gear
                     8.0 mph/1000rpm in top gear
    Suspention and brakes
                     11 x 2.25in front and rear drum brakes
                     7.5 - 16in tyres
    Dimentions       Wheelbase 9ft 1in (109in)
                     Front and rear track 4ft 4.5in
                     Length 14ft 7in
                     Height (Max) 6ft 7in
                     Unladen weight from 3301 lbs
                     Max. allowable vehicle weight 5905 lbs

    Series III (109in 6 cylinder model) 1971 - 1985
    Engine           6-cylinder 77.8 x 92.1mm 2625cc CR 7.8:1
                     Zenith-Stromburg Carb. 86 bhp (DIN) at 4500rpm
                     Max. torque 132 lb/ft at 1500rpm
    Brakes           11 x 3in front, 2.25 x.11in rear drum brakes
    Dimentions       Unladen weight from 3459 lbs
                     Max. allowable vehicle weight 5905 lbs

    Alternative Series III diesel engine 2286cc 1971 - 1985
    Engine           4-cylinder 90.47 x 88.9mm 2286cc CR 23:1
                     CAV fuel injection
                     62 bhp (net) at 4000rpm
                     Max. torque 103 lb/ft at 1800rpm
    Dimentions       Extra weight 144 lbs

    Series III (109in "one ton" model) 1971 - 1985
    Specs as for normal Series III 109in model except for,
    Transmission     High range step down ratio 1.53:1 ;
                     Overall gear ratios 7.19, 10.80, 15.96, 26.46 :1
                     Reverse 28.91:1
                     13.3 mph/1000rpm in top gear
                     Low range step down ratio 3.27:1 ; 
                     Overall ratios 15.40, 23.10, 34.10, 56.56 :1
                     Reverse 61.78:1.
                     6.25 mph/1000rpm in top gear
    Brakes           11 x 3in front, 11 x 2.25in rear drum brakes
                     6.00 - 16in tyres
    Dimentions       Unladen weight from 3886 lbs
                     Max. allowable vehicle weight 6750 lbs


    Series III එකෙන් පස්සේ 1983 දී තමයි ලෑන්ඩ් රෝවර් 90, ලෑන්ඩ් රෝවර් 110 සහ ඩිෆෙන්ඩර්  ආවේ. මේ 90 සහ 110 දෙකෙන් කියන්නේ වීල් බේස් එකේ දිග (අඟල්). Series III එකයි ඩිෆෙන්ඩර් එකයි අහසට පොළොව වගේ වෙනස් නොවන එක ඇත්ත. නමුත් ඩිෆෙන්ඩර් එකේ තීරණාත්මක වෙනස්කම් කීපයක් වෙලා තිබුණා.

    1. කොයිල් ස්ප්‍රින්ස් - මේ නිසා ගමන වඩා පහසු වුණා.
    2. Permanent four-wheel-drive system එකක් එකතු වුණා.
    3. කලින්ට වඩා ටිකක් කොලිටි ඉන්ටීරියර් ටිකක් ආවා (මේ සීරීස් එකට කලින් ආපු මොඩ්ල් වල සීට් එහෙම නිකං බණ මඩුවේ බංකු උඩින් චුච්චන් කුෂන් කෑල්ලක් තිබ්බා වගේ තිබුණේ).
    4. වින්ඩ්ස්ක්‍රීන් එක තනි එකක් විදිහට, වඩා උසට ආවා.
    5. වැඩි බලයක් තියන, අලුත් එන්ජින් ටිකක් ආවා.



    ඩිෆෙන්ඩර් එක කාලයත් එක්ක තව දියුණු කිරීම් ගොඩකට ලක්වුණා. නමුත් ඒකෙ තිබුණු අර රළු බව, ප්‍රාථමික බව වගේ දේවල් නම් එච්චර දුරකට වෙනස් වුණේ නැහැ. ප්‍රඩක්ෂන් එක ඉවර වෙන්න ආසන්නයේ ආපු අලුත් ඩිෆෙන්ඩර් ගත්තොත්, ඒවායේ ඇතුල නම් බොහොම මොඩර්න් වෙලා තිබුණු බව ඔයාලා දන්නවා ඇති. නමුත් එළියෙන් නම් ඩිෆෙන්ඩර් එකේ ලොකු වෙනසක් වුණේ නැහැ කවදාවත්...
     
    ඩිෆෙන්ඩර් එක ගැන ලියනවා නම් වෙනම දීර්ඝ ලිපියක් නෙමෙයි, පොත් දෙක තුනක් වුණත් ලියන්න පුළුවන්. නමුත් මෙතන අපට ඒක කරන්න බැහැ.

    2016 පෙබරවාරි මාසෙදි ඩිෆෙන්ඩර් එකේ ප්‍රඩක්ෂන් නිල වශයෙන් අවසන් වුණා. ඕක ගැන කතාකරන්න ගිහින් මගේ යාලුවෙක් හරියට කෙල්ල තරහ වුණු ත්‍රීවීල් මල්ලි කෙනෙක් වගේ දුක් ගීයක් කිව්වා මට මතකයි. ඌට ඩිෆෙන්ඩර් එකක් නැති නිසා සහ මට ඩිෆෙන්ඩර් ඇම්ම නැති නිසා මම එදා ඌට හිනාවුණා. නමුත් ටික ටික මේ ගැන කියවද්දී බලද්දී අන්තිමට මටත් දුකක් ආවා. ඩිෆෙන්ඩර් ප්‍රඩක්ෂන් එක ඉවර වෙන්න ලංවෙලා තමයි 2,000,000 වෙනි ඩිෆෙන්ඩර් එක හදලා තියෙන්නේ. ඒක ඇමරිකානු ඩොලර් ලක්ෂ 6 කට විකිණුනා. ඒකෙන් හිතාගන්න පුළුවන් නේ ජනප්‍රියත්වේ කොහොමද කියලා... 





    විලිස් එකතමයි ලෝකෙට ජීප් කලාව ගෙනාවේ. විලිස් එක තමයි මිනිස්සුන්ට ගංගාවල් දිය අගල් මඩ ගොහොරු යුද්ධ මරාල කාන්තාර මැද්දට යන්න රෝද හතරක් හදලා දුන්නේ. හැබැයි ඒක සංස්කෘතියක් විදිහට අලුතින් නිර්මාණය කළේ ලෑන්ඩ් රෝවර් එක.

    ලෑන්ඩ් රෝවර් නම අතින් අතට ගිහින් (ලෑන්ඩ් රෝවර් කියලා කොම්පැනියක් මුලින් තිබුනේ නැහැ. ලෑන්ඩ් රෝවර් එක හැදුවේ රෝවර් කොම්පැනිය) අන්තිමට 1978 දී තමයි ලෑන්ඩ් රෝවර් කියලා සමාගමක් හැදුණේ. අද ලෑන්ඩ් රෝවර් එක අයිති ඉන්දියාවේ ටාටා මෝටර්ස් එකට. 

    ඔවු... අපිට ඩිමෝ බට්ටා එක සහ නැනෝ එක එවන කට්ටියම තමයි ලෑන්ඩ් රෝවර් එක කරන්නෙත්.

    ලෑන්ඩ් රෝවර් එකේ හැඩේ වෙනස් නොවී තිබීම ගැන ජෝක් දාන අය ඉන්නවා. හැබැයි මොඩ්ල් එකක් වෙනස් නොවී තියෙන්නේ මිනිස්සු ඒකට කැමති හින්දා. ෆොක්ස්වැගන් බීට්ල් එකටත් ඔය ජෝක් එක තියනවා. නමුත් බීට්ල් මිලියන 22 ක් විතර විකුණුනා නේ. අදාළ වෙන්නේ ජෝකර් ලා කියන දේ නෙමෙයි. මිනිස්සු පිළිගත්තු දේ...


    අපේ රටේ ලෑන්ඩ් රෝවර් එකේ නියම ස්පිරිට් එක ගැන දන්නේ කීයෙන් කී දෙනාද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අපේ යාළුවෝ කීපදෙනෙක් අතර වෙච්චි සංවාදයක් මම නිකමට මෙතන ලියනවා.

    මේක වුණේ වෙඩින් එකකදී. මම සාමාන්‍යයෙන් බොන්නේ නැති නිසා මම අර සිද්ධාර්ථ කුමාරයා උදේ පාන්දර දැක්කට වඩා නර විකාර දකිනවා මගුල් ගෙවල් වලදී. අපේ එකෙක් ඒ දවස් වල ඩිෆෙන්ඩර් එකක් අරගෙන තිබුණා. මූ බොන්න බොන්න ඒ ගැනමයි කියවන්නේ. අනික් වාහන ඉස්සර කරන හැටි, හෝන් කරලා පොඩි වාහන බය කරන හැටි, ත්‍රීවීල් කාරයින්ව තලලා දාන්න හිතෙන හැටි, මරුටි නියපොත්තෙන් උඩට ගණන් නොගන්න හැටි, ඔය වගේ දාහක් දේවල් කියනවා. අනික් අය වෙනවෙන දේවල් කතාකරන්න හැදුවත් මූ ඉඩ දෙන්නෙම නෑ. කට්ටිය කොහොම හරි වෙන කතාවක් ඇදගන්න හදනකොටම මූ මෙහෙම කතාවක් කිව්වා.

    "මම හයිවේ එකේ යන්නේ එකසිය පනහට යකෝ. මට කිසි අවුලක් නැහැ, මොකද මේක ඩිෆෙන්ඩරයක් නිසා..."

    අපි අතරින් එකෙකුගේ රතු කට්ට එහා කොනේ වැදිලා ඇද වුණා. ඌ පත මස් කෑල්ලක් අරන් මොකාද වගේ විකලා අරූ දිහාට හැරිලා මෙහෙම කිව්වා.

    "යකෝ ඕක හයිවේ නෙමේ දාපං වැවේ... ඕවා හදලා තියෙන්නේ මිනිස්සුන්ට සත්තු බලන්න යන්න මිසක් උඹලා වගේ එවුන්ට මොන්ටිසෝරි ආතල් ගන්න නෙමේ... &*(^%!"

    මට කඩල ඇටයක් ඉස්මොල්ලේ ගියා....


    ලංකාවේ ජෙනුයින් ලෑන්ඩ් රෝවර් සහ ඩිෆෙන්ඩර් ෆෑන්ස් ලා ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා. ඒ අයට මේවා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. හැබැයි අලුතින් ඩිෆෙන්ඩර් අරන් 'පාර අපේ වගේ පදින්න' කියලා හිතන් ඉන්න අයියලා මල්ලිලා ගෙන් මම ඉල්ලන්නේ මෙච්චරයි.

    ලෑන්ඩ් රෝවර් කියන්නේ ලෝකෙට බොහොම වටිනා මෙහෙවරක් කරපු නමක්. ඒ නිසා බලෙන් ආමි පාට් දාන්න ඩිෆෙන්ඩර් අරං පාරේ මිනිස්සුන්ට වාතයක් වෙලා ඒ නමටත් අගෞරව කරන්න එපා. ලංකාවේ හොඳ ඕෆ් රෝඩ් ඉවෙන්ට්ස් තියනවා, ඒවට බැහැපල්ලා. නැත්තං ඕක අරං එකපාරක් හරි ලංකාවේ දුෂ්කර ගමකට ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ට කෑම බීම ටිකක්, දරුවන්ට පොත්පත් ටිකක් දීලා වරෙල්ලා. අන්න එතන තියනවා නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක.

    හයිවේ නෙවේ, දාපං ඕක වැවේ... &*(^%!  



    www.facebook.com/CarPissuwa

    59 comments:

    1. Defender කිව්වම අපේ මිනිස්සුන්ට එන්නෙ ගැම්මක්.. හැබැයි ඒ ගැම්මකට වඩා මේක පොඩි මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හැදුනු වාහනයක් කියන එක බහුතරයක් දෙනා දන්නෙ නෑ ස්තූතියි ඔබට..

      ReplyDelete
      Replies
      1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි උදිත...

        Delete
      2. meke anthima kallanm godk wtinawa bro.. niyama lipiyak. godak dewal igenagaththa!

        Delete
    2. නියමයි අයියේ.

      ReplyDelete
    3. පට්ට කතාව අයියෙ...මාත් විස්වාසකරන්නෙ සිරිස් 111 වලින් පස්ෛ ලැන්ඩ් රෝවරේ නැති වුනා කියලා.. හරියට අසංග ප්‍රියමන්ත පිරිස් එදා සහ අද වගේ..

      ReplyDelete
      Replies
      1. සඳ නාවත් කමක් නැතී රත්තරාන් පුතී... :D ස්තූතියි ඉෂාර...

        Delete
    4. සමහරු ඩිෆෙන්ඩර් අරං පාරෙ යන විදිහ දැක්කාම නෙදකින් කියල තමා කියවෙන්නෙ. අර Made in China නිල් රතු ස්ට්‍රෝබ් දාගෙන යනකොට හිතන්නෙ පාරෙ අනිත් වාහන කාණුවට දාල ඕකට ඉඩ දෙන්න ඕන කියල. අර 150 Kmph යනව කියපු එකා වගේ උන් හිතන්නෙ ඩිෆෙන්ඩර් තියෙන්නෙ පාරෙ රේස් යන්න කියල... කොච්චර ස්පීඩ් කළත් පොලිසියෙනුත් අවුලක් නෑ කියල... ඒත් 121 එකක Acceleration එකවත් නෑ

      ReplyDelete
    5. මම අහලා තියෙන්නේ ඩිෆෙන්ඩර් නම් ස්පෙයාර් වීල් එක බොනට් එක උඩ තියෙන්න ඕනා කියලා.. කෝ මේ සමහර ඒවායෙ එහෙම නෑනෙ..

      එතකොට රේන්ජ් රෝවර් කියන්නේ මොකක්ද ?

      මේක මෙතනට අදාල නැති පුරස්නයක්...

      අර මිනීයක් තිබුන කනත්ත ගැන පත්හ්ටර මල්ලි දාපු කමෙන්ට් එකක මම දැක්කා "මිනී" අලුතෙන් නොගහන කතාවක්.. ඒත් මම මේ ලඟදි කිරි ටොයියෙක් දැක්කනෙ මරදානෙදි... Cross over කියලා නමකුත් ගහලා තිබුනා.. නම්බරේ CAK එකක්

      ReplyDelete
      Replies
      1. 1. සමහර මොඩ්ල්ස් වල විතරයි රෝදේ බොනට් එක උඩ ආවේ. දැන් ඒක අර 'ආමි පාට්' ස්ටයිල් එකක් වෙලා.

        2. රේන්ජ් රෝවර් කියන්නේ ලෑන්ඩ් රෝවර් එකේම ටිකක් upmarket version එකක්. මාකට් එකට ආආළාආආ ආවේ 1970 දී. ඒකත් බොහොම දිග කතාවක්.

        3. දැන් ඔරිජිනල් මිනි එන්නේ නැහැ. දැන් මිනි බ්‍රෑන්ඩ් එක අයිති BMW එකට. එයාලා මිනි නම එක්ක අලුත් වර්ෂන් එකක් හැදුවා. ඒක තමයි දැන් එන්නේ. මිනි කිව්වට ඒක පත සයිස්. එයාලා දොර 4 වර්ෂන් එකකුත් හැදුව ඒකෙ.

        Delete
    6. අම්මප... පාරෙ ඩිෆෙන්ඩර් වලිං පකුං දාන එකෙක් අල්ලලා මේ කතාව කියන්න ඕනෑ
      "ඕක දාපං $$@$@@ වැවේ"

      ReplyDelete
    7. පැහැදිලි සරළ ටොපේ ටොප් ලියවිල්ල යාළුවා..මං හරි ආස වාහනයක්.හීනයක් !!
      බොරු කියන්නෙ මොකටද..පාරෙදි හරි ඩිෆෙන්ඩරයක් පස්සෙන් එනවනම් මං අයින් කරලා ඌ ඉල්ලන්න කලින් වමට සිග්නල් දාල හෝන් පාරකුත් ගහල සයිඩ් එක දෙනවා යමං මචෝ කියලා...ඒ තරං මං ඕකට කැමතියි.

      ReplyDelete
      Replies
      1. ඔයා මේවට කැමතියි කියලා කිව්වා මට මතකයි. මේ වගේ එකක් ලියන්න ඕන කියලා මම හිතාගත්තේ ඒ දවස්වලමයි. පස්සේ තව අයගෙන් ඉල්ලීම් එක දෙක එන්න ගත්තා. ස්තූතියි පත්තරයෝ...!

        Delete
      2. අඩෝ පත්තරයා අන්න ඒක හොඳ පුරුද්දක් නැත්තං ඩිෆෙන්ඩර් පනහක් විතර ගෙනල්ලා උඹව රොටියක් වගේ තලලා කෑලි කඩලා කුරුල්ලොන්ට කන්න දානවා හැක

        Delete
      3. අඩෝ පවුලූශා, බොලා ඔය 50 ක් විතර ගේන ඩිෆෙන්ඩර් අර පිටකොටුවෙ සෙල්ලංබඩු සාප්පුවෙන් ගන්න ඒවද?

        (ඔන්න ලේකංතුමා මම ඔහේ වෙනුවෙන් කතා කළා. හැක්..)

        Delete
    8. මම දරුණු ගනයේ 4DR5 රසිකයෙක්. ඒත් ඒක එහෙමයි කියල ලෑන්ඩ් රෝවරේට තියන කැමැත්ත බිඳකින්වත් අඩුවෙන්නෙ නෑ. අනිත්දේ තමයි කොහොමත් අපේ රටේ ලෑන්ඩ් වෙහිකල් පාවිච්චි කරන එවුන් බහුතරයක් කාපට් පාරවල්ම තමයි හොයන්නෙ. ඕක රෝද හතරට විතරක්ම නෙමෙයි, රෝද දෙකේ ට්‍රේලටත් අදාලයි

      ReplyDelete
      Replies
      1. සහතික ඇත්ත. ප්‍රතිචරට බොහොම ස්තූතියි...

        Delete
    9. LOKKA LAND ROVER EKA HADUWE... YDAPOITIYATA IKMANATA YANNA .. EHATA MEHATA YANNA ONA NISA.. COMPETITION EKAK THIBBA YUDA PITIYATA VAHANAYAKA HADANNA. EKEDI THORA GATHTH OKA THAMA.

      ReplyDelete
    10. Well researched post...thanks tharindu...!

      ReplyDelete
    11. මම ගිය පෝස්ට් එකකත් කිවුව වගේ මගෙත් එකම හීනයක් තමයි ඩිෆෙන්ඩර් එක. ඒකත් හයිවේ එකේ 150ට යන්න නෙමෙයි අරූ කිවුව වගේ වැවක කොහොම වෙතත් දුෂ්කර පාරවල් වල බයක් නැතුව යන්න තමයි.

      නියම පෝස්ට් එක.

      ReplyDelete
      Replies
      1. ස්තූතියි ප්‍රසන්න අයියා. හීනය හැබෑ වේවා කියලා ප්‍රර්ථනා කරනවා...!

        Delete
    12. අහුවෙයකො ආයේත් ඩිපෙන්ඩර් කාරයේක් අල්ල දානව වැවේ.

      ReplyDelete
      Replies
      1. මං ලයිව් ඇට් එයිට් එකට කියලා තියඤ්ඤං :D

        Delete
    13. This is supper!!!
      💖I love Landys ever...💘

      ReplyDelete
    14. This is supper!!!
      💖I love Landys ever...💘

      ReplyDelete
    15. එන්න පරක්කු වුනා බං.

      මගෙ මාමණ්ඩිටෙ තිබ්බා ඔය පරණ සීරීස් එකක ලෑන්ඩ් රෝවර් එකක්. මමත් එලවලා තියෙන්නෙ ඒක. ඒකෙ කෝරෝෂන් නැත්තෙ ඇලුමිනියම් බොඩිය නිසා මට මතක විදියට. ඔක්කොම රිවට් වලින් තියෙන්නෙ. ඇලුමිනියම් වෙල්ඩිං වලට වඩා.

      මට මේකෙ acceleration එක ගැන පොඩි ප්‍රශ්ණයක් ආවා

      accelerations: 0- 60 mph s; 0- 100 km/h s කියලා තියෙන තැන තප්පර ගාන වැදිල නැද්ද? ඒ මොකද ඕක කියන්නෙ පැකිමී 0 සිට 100 දක්වා වේගයටක් ලබාගන්න තප්පර අටක් ගතවෙනවා වගේ එකක් වෙන්න එපෑ, නේද? 0-100kmph in 4 sec. කියන්නෙ පට්ට acceleration එකක්

      එතකොට මේ දීල තියෙන ගාන accelerations: 0- 60 mph 87.1 sකියන එකත් අදහගන්න බැරි තරම් slow නේද? ඒ කියන්නෙ ඒ විගය ලබා ගන්න විනාඩි එකහමාරක් විතර යනවා කියලද?

      මොකක් හරි අවුලක් තියෙනවද මෙතන නැතිනම් මම නොදන්න දෙයක් මෙතන තියෙනවද?

      ReplyDelete
      Replies
      1. සීරීස් 1 එකේ 60 (පැයට හැතැම්ම) වැදිලා තියෙන්නේ පස්සේ ආපු 2 ලීටර් පෙට්‍රල් එන්ජිම විතරයි. ඒ කියන්නේ ආපු යුගයේ හැටියට 0-100 kmph යන්න 87 ක් ගිය එක හරි වෙන්න ඕනේ. සමාවෙන්න, මූලාශ්‍ර ටික ඩිලීට් වෙලා මේකේ එඩිට් වගයක් කරද්දී. මම බලලා දාන්නම්. Land vehicle එකක් හැටියට ආපු එකක් අදහගන්න බැරි තරම් ස්ලෝ වීම පුදුමයක් නෙමෙයි. ෆැක්ටරි ෆිගර්ස් වල දීලා තියෙන්නෙත් 0-40 ෆිගර් එකක් විතරයි. ඒකත් 13 ක්. මේ විස්තර ටික තියනවා classiccarportraits.co.uk එකේ.

        Delete
    16. පට්ට කතාව මචන්.....

      ReplyDelete
    17. උඹේ රචනා ශෛලිය නම් පට්ටයි මචෝ , ජය !

      ReplyDelete
    18. ඔය Forward Control කියන එක නේද ඉස්සර මැලේරිය මර්දන ව්‍යාපාරයට/ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවට ඉස්සර ආණ්ඩුවෙන් ගෙන්නුවේ ඒවගෙන් පස්සේ කලේ යල සෆාරි වලටත් පාවිච්චිකරා.

      arrmy /airforce තියෙන ඩිෆෙන්ඩර් වල පිටිපස්සේ කැනපි එකට උඩින් හයි කරලා තියෙන ගැජට් එක මොකක්ද

      ReplyDelete
      Replies
      1. මැලේරියා මොඩ්ල් එක හරියටම මොකක්ද කියන එක මේ දවස් වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඔයා ඔය පිටිපස්සේ තියන ගැජට් එක කියන්නේ හයි ලිෆ්ට් ජැක් එකටද? ඒක වාහන එරුණු වෙලාවටම එහෙම උස්සන්න පාවිචිචි කරන එකක්. වින්ච් එකෙන් අදිනවා වගේ මේකෙන් උස්සනවා... ඒක නෙමෙයි නම් ඔයා අහන්නේ පොඩ්ඩක් විස්තර කරන්න. :)

        Delete
      2. නැ එක තියෙන්නේ වහලේ කැනපි එකට උඩින් සමහර විට spoiler එකක් වෙන්න ඇති
        මැලේරියා මොඩ්ල් එක තමයි 1995 විතර යල සෆාරි යද්දී ඔක්ක ගියා 2013 දීත් මම කතරගමදී දැක්කා

        Delete
      3. එක ලෑන්ඩ් රෝවර් එකක, මට මතක විදියට ඩිෆෙන්ඩර් වල ආවා පිටිපස්සෙ ඩස්ට් ස්කූප් කියලා එකක්. ඒක ඔය එයාෆෝර්ස් වගෙ ඩෙෆෙන්ඩර් වල තමයි මම දැක්කෙ. ඒකෙන් කරන්නෙ වාහනෙන් ඇවිස්සෙන දූවිල්ල පිටිපස්සෙන් ඇතුලට ගහන එක අවම කරන එක.

        Delete
    19. ලෑන්ඩ්රෝවර් එපා උනේ ෆ්‍රීලෑන්ඩර් එකෙන්...
      ඩිෆෙන්ඩර් එකක් පැදලා බලපු මුල් දවසෙම ඒකත් එපා උනා, මම වගේ දනිස් අමාරු තියෙන උන්ට ඕවා පදින්න බැහැ...
      නිකං ලැබුනත් කාටහරි විකුණලා වෙන වාහනයක් ගන්නවා, හැබැයි කාර්නම් නෙමෙයි...

      ReplyDelete
      Replies
      1. //නිකං ලැබුනත් කාටහරි විකුණලා වෙන වාහනයක් ගන්නවා// :D

        Delete
    20. පට්ට මචන්.උබ ලියපු ඔක්කොම පොස්ට් ටික කියෙවා බන්.සුපිරි

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තූති චතුෂ්ක...

        Delete
    21. මන් දරුනුම ගනයේ 4dr5 පිස්සෙක්..ජීප් එක තාත්තගෙ ..තාම වයස 17යි..ලයිසොම නම් නෑ තාම..article එක නම් පට්ට..pls 4dr5 එක ගැනත් article එකක් දාන්න..රෝවරේට නොදෙවෙනි ජීප් එකක් ඒක.

      ReplyDelete
    22. මන් දරුනුම ගනයේ 4dr5 පිස්සෙක්..ජීප් එක තාත්තගෙ ..තාම වයස 17යි..ලයිසොම නම් නෑ තාම..article එක නම් පට්ට..pls 4dr5 එක ගැනත් article එකක් දාන්න..රෝවරේට නොදෙවෙනි ජීප් එකක් ඒක.

      ReplyDelete
      Replies
      1. ප්‍රතිචාරෙට ස්තූතියි!

        Delete
    23. This comment has been removed by the author.

      ReplyDelete
    24. නොදැන සිටි බොහෝ දේ දැනගත්තෙමි. සෙන්නා අහනව වගේ රේන්ජ් රෝවර් ගැනත් ලියන්න.තවත් මෙවැනි ලිපි බලාපොරොත්තු වෙමි.බොහෝම ස්තූතියි.++++++++

      ReplyDelete
      Replies
      1. අවස්ථාවක් ආපු ගමන් ලියන්නම්. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි...

        Delete
    25. ලයන් ඔෆ් ද රෝඩ් කියලා කියනවා නේද

      ReplyDelete
    26. සුපිරි. අපේ ගෙදරත් තිබුනා සීරීස් 3 එකක්. ඒක හින්දා තම මම ලෑන්ඩ් රෝවර් පිස්සෙක් උනේ 😍😍 එන්ජින් ආව පිලිවෙල කෝමද ඩිෆෙන්ඩර් වල Puma,200tdI, 300tdi,Td5 ඔය වගේ ?????

      ReplyDelete
    27. ලයිට් වේට් එකත් මතක් කලානම් වටිනව. එයාව අමතක වෙලා....

      ReplyDelete