Wednesday, May 18, 2016

ෆොක්ස්වැගන් ආයෙමත් යුරෝපය ජයගනී



යුරෝපයේ මෝටර් රථ වෙළඳපොළේ වැඩියෙන්ම අලෙවිවන රථවාහන සන්නාමය විදිහට පෙරමුණේ ඉන්න ෆොක්ස්වැගන් 2016 මුල් මාස 4 ත් සමත් වෙලා තියෙනවා. ෆොක්ස්වැගන් සමාගම මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ එයාලගේ ඩීසල් වාහනවල වායු විමෝචනය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණාටත් පස්සේ වීම විශේෂත්වයක්. 

මීට ටික කාලෙකට කලින් ෆොක්ස්වැගන් සමාගමේ ඩීසල් වාහන සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් මතුවුණා. ඒ එයාලගේ ඩීසල් වාහන, වායු විමෝචන පරීක්ෂණ හෙවත් දුම් පරීක්ෂණවලදී බොරු කරන බවට හෙළි වීම නිසයි. මේ නිසා සමාගමට බිලියන ගණනක් පාඩු වුණා. පරිසර ප්‍රශ්න ඉස්සරහට දාලා රථවාහන කර්මාන්තය විවේචනය කරන කණ්ඩායම් සහ ෆොක්ස්වැගන් සමාගමේ තරගකාරයො එක එක මාධ්‍යවලින් මොන ප්‍රචාර අරන් ගියත් ෆොක්ස්වැගන් ගැන මිනිස්සුන්ගේ විශ්වාසය පළුදු වෙලා නැති බව මේකෙන් ඔප්පු වෙනවා. 

වොක්ස්වැගන් මේ විදිහට වෙළඳපොළේ ඉස්සරහින් ඉන්නේ, අද දවසේ බොහොම ජනප්‍රිය වාහන වර්ගයක් වන පොඩි SUV වර්ගයක් නැතුව වීම විශේෂත්වයක්. ෆොක්ස්වැගන් සමාගමේ  Tiguan සහ Touareg වාහන සාමාන්‍යයෙන් ලොකු SUV වාහන විදිහටයි ගණන් ගැනෙන්නේ. පොඩි SUV එකක් නැතිවීම සමාගමට ලොකු පාඩුවක් බව කර්මාන්තයේ විශේෂඥයෝ කියනවා. 

මේ තරම් ඉස්සරහින් ඉන්න ෆොක්ස්වැගන් එකට පුළුවන් වෙලා තියෙන්නේ Golf සහ Polo කියන වාහන මාදිලි තාමත් ගොඩක් ජනප්‍රිය නිසයි. ගොල්ෆ් කියන්නේ ෆොක්ස්වැගන් බීට්ල් එකෙන් පස්සේ සමාගම හඳුන්වලා දීපු වාහනේ බව ඔයාලා දන්නවා ඇති. ගොල්ෆ් ඉස්සරලාම වෙළඳපොළට ආවේ 1974 දී. Polo එක ආවේ 1975 දී. මේ වාහන දැන් ගොඩක් දියුණු වෙලා සහ වෙනස් වෙලා තියන බව ඇත්ත. නමුත් මේ තරම් පරණ models දෙකක් එක්ක ෆොක්ස්වැගන් සමාගම මේ තරම් දුරක් ඇවිත් තියන එක ගැන ෆොක්ස්වැගන් සමාගමේ ෆෑන්ස්ලා ගොඩක් සතුටු වෙනවා.

3 comments:

  1. ගොල්ෆ් එක ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි බොඩි ඩිසයින් එක.70 ගනන්වල ඒක බොහොම මොඩ් දෙයක් .Giorgetto Giugiaro කියන ඉතාලි ජාතිකයා තමයි බොඩිය ඩිසයින් කලේ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. එයා කූල් රියර් එන්ජින් කාර් එකක් වෙනුවට වෝටර් කූල් ෆ්‍රන්ට් එන්ජින් කාර් එකක් හඳුන්වලා දීම ෆොක්ස්වැගන් කොම්පැනියටත් ටිකක් ක්ෂතිමය අත්දැකීමක් වෙන්න ඇති මගේ හිතේ. ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete