Wednesday, May 18, 2016

Ford Mustang EcoBoost- පිස්සුද හැටිද?


ඉස්සරලාම Ford Mustang EcoBoost කියන නම දැකපු හැටියේ මට හීල්ලුණා. Eco කෑල්ල ආපු ගමන් වාහනේක ෆන් එකෙන් දෙකෙන් පංගුවක් නැතිවෙනවා කියන එක තිත්ත ඇත්තක් බව කාර් පිස්සෝ දන්නවා. කොහොම වෙතත් ඔයාලා ikman.lk වගේ ලුහුඬු දැන්වීම් වෙබ් අඩවිවලට ගිහින් හරි ලහිපිට බලබලා හරි මං වගේම කාර් ගැන හූල්ලනවා නම්, සමහර විට Ford Mustang EcoBoost කියන නම ටිකක් හුරු ඇති. ඒ නිසා මම ඒ ගැන ටිකක් කතාකරන්න හිතුවා. 

Sixth Generation එකේ Mustang එක ආවේ 2015 අවුරුද්දේ. මේක එන්ජින් වර්ග 3 කින් එන බව ෆෝඩ් සමාගම නිවේදනය කළා. ඒ තමයි 3.7 L V6 'Cyclone' එන්ජිම, 2.3 L EcoBoost එන්ජිම සහ 5.0 L GT 'Coyote' එන්ජිම. මීට අමතරව GT350 එකේ (මේක Shelby Mustang එකක්. ඒ කියන්නේ ඉතිං ලොවෙත් නැතිවෙන්න පවර් එක වැඩිකරපු එන්ජිමක් තියන කාර් එකක්) 5.1 L එන්ජිමක් ආවා. 

කාර් ගැන සාමාන්‍යයෙන් දන්නා ඕනම කෙනෙකුට මේකෙන් වැඩේ අනුමාන කරන්න පුළුවන්. අපි දැනට ෂෙල්බි එක අමතක කරමු. 5 L එන්ජිමේ වත් 3.7 L එන්ජිමේ වත් තියන ෆන් එක EcoBoost එකේ නැහැ. මේ බව අපිට පහළ තියන සංසන්දනයෙන් තවදුරටත් බලාගන්න පුළුවන්. මේක ගත්තේ Speed Academy වෙබ් සයිට් එකෙන්. මේක Coupe versions ගැන කරපු එකක් වුණත් පොදුවේ අපට අවබෝධයක් ලබාගන්න මේක උදවු වෙනවා. 


2015 Ford Mustang GT Premium Coupe 2015 Ford Mustang Ecoboost Premium Coupe
Price as tested: $55,449 CDN Price as tested: $35,399 CDN
Specs: Specs:
5.0 liter DOHC VCT Coyote V-8 2.3L turbocharged inline-4
11:1 compression ratio 9.5:1 compression ratio
435-hp at 6500 RPM (93 octane) 310-hp at 5500 RPM (93 octane)
400 ft-lbs at 4250 RPM 320 lb-ft at 3000 RPM
Multi-port EFI Direct Fuel Injection
3705 lb curb weight 3532 lb curb weight
Options: Options:
Competition Orange paint Deep Impact Blue paint
Recaro leather-wrapped front seats Recaro cloth-wrapped front seats
401A Equipment Group including Shaker Audio System
Performance Package including larger capacity radiator, stiffer springs and sway bars, strut tower brace and K-brace, 6-piston front Brembo brakes, 19” wheels with Pirelli P Zero tires (255 front 275 rear), unique stability control, EPAS and ABS tuning Performance Package including oil pressure and boost gauges, bigger sway bars, stiffer springs, bigger brakes with 4-piston front brakes, black 19” wheels with Pirelli P Zero summer tires (255’s all around),

නමුත් එකක් මතක තියාගන්න. EcoBoost එක නරක කාර් එකක් නම් නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේ අදහස ගැනම ලිපියක් International Business Times වෙබ් අඩවියේ පළවුණා. එයාලා කියන්නේ කවුරු මොනවා කිව්වත් අද දවසේ වැඩි දෙනෙකුට ගැළපෙන එන්ජිම EcoBoost එක කියලයි. මේක අපේ රටටත් අදාළයි. අපි ජාතියක් හැටියට මොන කාර් එක ගන්න ගියත් අහන්නේ 'කොච්චර තෙල් වැඩකරනවද?' කියලනේ. ඉතින් සිල්න්ඩර 4 එන්ජිමක් තමා අපට වඩා හොඳ. ගාණත් සාපේක්ෂව අඩුයි නේ. අනික මේක බොහොම සැපපහසු කාර් එකක්. තියෙන්නේ අපේ රටෙත් දැන් කවුරුත් වගේ දන්න Recaro සීට්. හොඳ වේග 6 ගියර් බොක්ස් එකක් තියනවා. 18 වීල් ටිකත් (Magnetic gloss painted/machined aluminum) හරිම ලස්සනයි. ඒ විතරක් නෙමෙයි, මේවාට අවශ්‍ය නම් performance package එකක් දාගන්නත් පුළුවන් (වැඩිපුර ගෙවන්න ඕනේ නම් තමයි). EcoBoost එකේ performance package එකට අයිති දේවල් ෆෝඩ් වෙබ් අඩවියේ විස්තර කරලා තියෙන්නේ මෙහෙමයි. 


The EcoBoost® Performance Package includes:

• Upsized rear sway bar (Fastback only)
• Unique chassis tuning
• 13.9" front brake rotors with four-piston calipers
• Unique 19” x 9” Ebony Black-Painted Aluminum Wheels
• 255/40R19 summer-only tires*
• Unique EPAS, ABS and stability control tuning
• Engine turn aluminum instrument panel applique
• Interior gauge pack (oil pressure and boost)
• 3.55 limited-slip rear axle
• Larger radiator
• Heavy-duty front spring (Fastback only)
• Spoiler delete



මේක ලියන දවස වෙනකොට Mustang EcoBoost දැන්වීම් 5 ක් ikman එකේ පළවෙලා තිබුණා. ඒවායින් මිල සඳහන් කරලා තිබුණේ එකක විතරයි. ඒකත් කෝටි 2.7 ක්. දැන් මගෙන් අහන්න එපා මොන මගුලටද මේ ලිපිය ලිව්වේ කියලා. අර අපි ගෙදරදොරේ කියනවා වගේ කවදාහරි මහජන සම්පතක් ඇදුණොත්..? එදාට ඇවිත් මේකට කමෙන්ට් එකක් දාලා යන්න.

හැබැයි මේකත් මතක තියාගන්න. කවදාහරි මේවා ආපහු විකුණන දවසකට ඉතින් වැඩි වටිනාකම ලැබෙන්නේ GT එකට තමා... 


9 comments:

  1. මෙහෙම එක දිගට දාල පෝස්ට් නාස්ති කරන්න එපා , ගැප් එකක් තියල දාන්න

    ReplyDelete
    Replies
    1. කාර් පිස්සුවට ලින්ක් එකක් මේකෙන් දෙන්න

      Delete
    2. link එක දැම්මා. ස්තුතියි.

      Delete
  2. ඔය මස්ටෑන්ග් ඇමරිකන්ද?? අර ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ තියෙන්නෙ ඕකෙ පරණ මොඩ්ල්ද?

    ReplyDelete
    Replies
    1. ඔවු. ඉස්සරලාම production පටන් ගත්තේ 1964 දී. ඇමරිකාවේ 'පෝනි කාර්' කියන ස්පෝර්ට් කූපේ සම්ප්‍රදාය පටන් ගත්තේ මේකෙන්. අදටත් කෙනෙකුට ඇමරිකන් මසල් කාර් කියපු ගමන් මතක් වෙන්නේ Mustang එක. ඒක ඒ තරමට දැවැන්ත icon එකක්...

      Delete
  3. satats walata anuwanm eco boost eka v6 ekata wada hama athinma hodai wage haebaei!

    ReplyDelete
    Replies
    1. Can be. But still it has 'eco' in its name, and it is lame. මේක logical නෑ තමයි, බට් වට් ටු ඩු? :D
      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි!

      Delete
  4. උබගේ හැකියාවට මගේ මෙව්වා එක

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මේවා ලියවුණේ ඇත්තටම කාර් පිස්සුවෙ රයිටින් ස්ටයිල් එක හරියට ඩිවෙලොප් වෙන්න කලින්...

      Delete