Monday, May 16, 2016

මිට්සුබිෂි අධ්‍යක්ෂ මණ්ඩලය නිසාන් යටතට?


අලුත් කාර් ලෝකයේ උණුසුම් පුවතක් ළඟදී වාර්තා වුණා. ඒ තමයි නිසාන් සමාගම මිට්සුබිෂි සමාගමේ 34% ක කොටස් මිලදීගන්න තීරණය කරලා තියන බව. මේත් එක්කම මිට්සුබිෂි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බලය නිසාන් සමාගමට හිමිවෙනවා.

මේ ගනුදෙනුවේදී නිසාන් සමාගම කරන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක් (යෙන් බිලියන 237 ක්). මිට්සුබිෂි සමාගම මේ ළඟදී ලොකු ව්‍යපාරික අපකීර්තියකට ලක්වුණා. ඒ 1991 ඉඳන්ම එයාලා එයාලගේ වාහන වර්ග කිහිපයක ඉන්ධන පරිභෝජනය සම්බන්ධ පරීක්ෂණ නිවැරදිව සිදු කර නොමැති බව හෙළිවුණු නිසයි.

ඒ නිසා මේ අලුත් ගනුදෙනුව මිට්සුබිෂි සමාගමට ලොකු සහනයක් වේවි. මේ ගනුදෙනුව ගැන ආරංචි වුණ ගමන්ම ටෝකියෝ කොටස් වෙළඳපොළේ මිට්සුබිෂි සමාගමේ කොටස් මිල 16% කින් ඉහළ ගියා. මීට කලින් අර චෝදනාව නැගුණු වෙලාවේ නම් සමාගමේ කොටස් මිල 43% ක් තරම් විශාල ප්‍රමාණයකින් පහත වැටුණා.

මේ ගැන අදහස් දක්වමින් නිසාන් සමාගමේ සභාපති කාර්ලොස් ගෝස්න් කිව්වේ මිට්සුබිෂි මෝටර්ස් සන්නාමය ආරක්ෂා කරන්නත් වැඩිදියුණු කරන්නත් තමන් කැපවෙනවා කියලයි. නමුත් සමාගම් පවරාගැනීම් වලදී අනාගතයේ වෙන දේවල් කාටවත් කියන්න බැහැ. ඒ නිසා මිට්සුබිෂි ෆෑන්ස් ලා ඉන්නේ ටිකක් බයෙන්. නමුත් මිට්සුබිෂි සමාගමේ සභාපති ඔසාමු මසුකෝ නම් කිව්වේ මේ හවුල්කාරීත්වයත් එක්ක මිට්සුබිෂි නාමය ගැන ජනතාවගේ විශ්වාසය යළි දිනාගන්න කටයුතු කරන බවයි.

2 comments:

  1. ලිපි වල මිට වඩා විස්තර අපි බලා පොරොතු වෙනවා ..අපි අත්මර්තකමියි උබගේ ලිපි ගැන

    ReplyDelete
    Replies
    1. කලි කාලෙකට උඩදී ලියපු ලිපි මෙන්ඩෝ. මේක ලියන කාලේ වෙද්දී මම මොනවා කරනවද කියලා මම දැනගෙන හිටියෙත් නෑ. කාර් පිස්සුවෙ පාහියංගල ලිපිය ලියවුණාට පස්සේ තමයි මට නියම ස්ටයිල් එක අහුවුණේ..

      Delete